අපේ රටේ බන්ධනාගාර පද්ධතිය පිළිබඳව ඉතාමත් භයානක තත්ත්වයක් ඇති වෙලා තිබෙන බවත්, මාස දෙකක් තුළ බරපතළ සිද්ධි දෙකක් මීගමුව හා මහර බන්ධනාගාර තුළ සිදු වුණ බවත් ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී. එල්. පීරිස් පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ අද (03) කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ දී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේ දී ය.
ශ්‍රී ලංකාවේ බන්ධනාගාර තුළ ඉතාම අරාජික තත්ත්වයක් ඇති වෙලා තිබුණ ද මේ තත්ත්වයට වගකියන්න ප්‍රධානියෙක් නොමැති බවත්, ශ්‍රී ලංකා බන්ධනාගාර පද්ධතිය පිළිබඳව කොමසාරිස් ජෙනරාල් කෙනෙක් ද නොමැති බවත්, අවුරුද්දකුත් මාස දෙකක් එම තනතුර හිස්ව තිබෙන බව ද මෙහි දී මහාචාර්ය ජී. එල්. පීරිස් වැඩි දුරටත් පැවසී ය.
මෙම මාධ්‍ය හමුවේ දී හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න ද අදහස් දැක්වි ය.

මතු පළ වන්නේ එම මාධ්‍ය සාකච්ඡාවේ දී මහාචාර්ය ජී. එල්. පීරිස් සහ දොස්තර රාජිත සේනාරත්න දැක්වූ අදහස් අන්තර්ගත සම්පූර්ණ වියමන ය.









newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
