"නව නේවාසිකාගාර ලබා දෙනු" විරෝධතාව ජූලි 25
ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය ඉහත විරෝධතාවය සැලසුම් කර ඇති අතර, මේ සඳහා හාස්‍යජනක නිධාන කතාවක් ඇත
ඒ, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ වර්තමාන උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ලාල් තිලකරත්න, සිසුන් දෙසීයකට නේවාසික පහසුකම් සැලසීම සඳහා වන යෝජනාවක්, පසුගිය සතියේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම වෙත යොමු කර ඇති අතර, ඒ සඳහා ප්‍රතිපාදන ලබාදෙන බවට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් සුබවාදී ප්‍රතිචාරයක් ද දක්වා ඇති බව වාර්තා වේ. කෙසේවෙතත්, මෙම තොරතුරු මහා ශිෂ්‍ය සංගමට ලැබුණු පසු, මහත් කලබලයට පත් වූ ඔවුන්, මේ ශිෂ්‍ය සටනකින් ලබාගත් දෙයක් ලෙස ඒත්තු ගැන්වීම සඳහා මේ විරෝධය තකහනියේ සූදානම් කර ඇත.
අතීතයේ සිටම පැවති ආණ්ඩු විසින් විශ්වවිද්‍යාලවල සහ දරුවන් ගේ සුබ සාධනය වෙනුවෙන් යම් ඉදිරිගාමී පියවරක් තැබීමට සූදානම් වන විට, ඒවා ශිෂ්‍ය සටන්වල ප්‍රතිඵලයක් ලෙස පෙන්වීම සඳහා, විශ්වවිද්‍යාල සිසුන් අතකොළු ලෙස භාවිතා කරමින් ශිෂ්‍ය සංගම් විරෝධතා සංවිධානය කිරීම සම්ප්‍රදායික යල් පැන ගිය ක්‍රමයක් බවට හුදෙක්ම ඔප්පු වන්නේ, ඔවුන්ගේ නිල ෆේස්බුක් පිටුවේ මෙම පෝස්ටුවට ලබාදී ඇති ප්‍රතිචාර වලිනි.
ශිෂ්‍ය සටන් ද වර්තමන ලෝකයට ගැළපෙන පරිදි නව්‍ය නොවූවොත්, ශිෂ්‍ය සංගම් ද රතු දත්ත පොතට ඇතුළත් වන කාලය නුදුරේ ම ළගාවනු ඇති බවට මෙයින් ගම්‍ය වේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
