මීගමුව බන්ධනාගාරයේ සිදුවූ ගැටුමෙන් තුවාල ලබා දැනට ශ්‍රී ලංකා ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බන්ධනාගාර නිලධාරීන් ගේ සහ රැඳවියන් ගේ සුවදුක් විමසා බැලීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ඊයේ (07) පස්වරුවේ ශ්‍රී ලංකා ජාතික රෝහල වෙත ගියේ ය.
එහි දී අමාත්‍යවරයා ජාතික රෝහලේ 72,79 වාට්ටුවල සහ දැඩිසත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන් වෙත පෞද්ගලිකව ගොස් ඔවුන් ගේ සුවදුක් විමසා බැලූ අතර, ඔවුන් ගේ ප්‍රතිකාර සේවා වෙනුවෙන් ගතයුතු ඉදීරි පියවර පිළිබඳව ද සොයා බැලී ය.

අමාත්‍යවරයා මෙහි දී වෛද්‍ය, හෙද ඇතූළු රෝහල් කාර්ය මණ්ඩලය සමග මෙන්ම රෝහල් පරිපාලනය සහ බන්ධනාගාර නිලධාරීන් සමග ද ප්‍රතිකාර සේවා මෙන්ම හදිසි අවශ්‍යතා සහ අනෙකුත් සේවා සැපයීම් පිළිබඳව දීර්ඝව සාකච්ඡා කළේ ය.
මීගමුව බන්ධනාගාරයේ සිදු වූ සිදුවීමෙන් තුවාල ලබා මේ වනවිට ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන මුළු රෝගීන් සංඛ්‍යාව 29 කි. ඒ අතර නිලධාරීන් 15 සහ රැඳවියන් 14 ක් සිටිති. මෙම පිරිස අතරින් 12 දෙනකු දැඩිසත්කාර ඒකකවල ප්‍රතිකාර ලබති.
දීප්ති විජේතුංග - සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය මාධ්‍ය ලේකම්
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
