හිටපු කතා නායක අශෝක රන්වල ගේ ආචාර්ය උපාධිය සිද්ධියේ සිට ඊයේ (25) සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම දක්වා සතියකට එක බැගින් කුමන හෝ සිදුවීමක් මවා පාන්නට මාලිමා ආණ්ඩුව සමත්ව ඇතැයි සර්වජන බලය පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ DJ Live you tube නාලිකාව සමග කළ සාකච්ඡාවක දී ය.
සුරේෂ් සලේ අත්අඩංගුවට ගන්නේ ගල්අඟුරු සිද්ධිය උච්ච අවස්ථාවට පැමිණෙමින් තිබෙන මොහොතේ බව ද හෙතෙම වැඩි දුරටත් අවධාරණය කළේ ය.
මතු පළ වන්නේ දිලිත් ජයවීර DJ Live you tube නාලිකාව සමග කළ සම්පූර්ණ සාකච්ඡාව අන්තර්ගත වීඩියෝව යි.
මෙම සාකච්ඡාව සඳහා you tuberවරයකු වන චාමර විජේසූරිය ද සහභාගි විය.

