Language Switcher

Ad

Ad 01
GG web banner

V2025

ඉන්දියාවේ සෑම් මනෙක්ෂෝ සහ ලංකාවේ මහින්ද රාජපක්ෂ

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

නිදහස් ඉන්දියාවේ හත්වැනි යුද හමුදාපතිවරයාවු සෑම් මනෙක්⁣ෂෝ ඉන්දියාවේ යුද වීරයෙක් ලෙස අදටත් සම්භාවනාවට පාත්‍රවන එරට ප්‍රථම ෆීල්ඩ් මාර්ෂල්වරයා විය.

හෙතෙම ඉන්දියාවේ බහුතර ජනතාවගේ ගෞරව බහුමානයට පාත්‍ර වූයේ ඉන්දිරා ගාන්ධි අගමැතිනියගේ නියමය පරිදි පාකිස්ථානයෙන් ඉන්දියාවට එල්ල වූ තර්ජන සමනය කරමින් 1971 දී එරට දෙකඩ කොට බංගලිදේශය නමින් අලුත් රටක් නිර්මාණය කිරීමෙන් දකුණු ආසියාවේ දේශපාලන බල තුළනය ඉන්දියාවේ වාසියට නතුකර ගැනීම නිසාය.

අනතුරුව ඔහුට ඉන්දියාවේ ඉහළම හමුදා නිලය වන ෆීල්ඩි මාෂල් තනතුර සමග පද්මභූෂන් ගෞරව සම්මානයද පුද කොට ගරු කිරීමට තරම් ඉන්දීය රජය. කෘතවේදී විය. අනතුරුව ඉන්දිරා ගාන්ධි අගමැතිවරිය මනෙක්ෂෝ මහතාට මහා බ්‍රිතාන්‍යයේ ඉන්දීය මහ කොමසාරිස් තනතුර භාරගන්නා ලෙසද ආරාධනා කළේය.

ඒ අවස්ථාවේ ඔහු අගමැතිනිය දැඩිව කීවේ "මැතිනියනි ඉන්දියාවේ දස ලක්ෂයක් හමුදාවට අණ දුන් මට ඔබේ විදේශ ලේකම්වරයා යටතේ සේවය කරන්නැයි කිම මට කරන අගෞරවයක් " කියාය. තමන්ගේ විශ්‍රාම දිවිය දරුමුනුපුරන් සමඟ ගත කිරීම වඩාත් සුවදායක බවද ෆිල්ඩි මාෂල්වරයා අගමැතිනියට කීය.

 

 

 

අනතුරුව අගමැති කාර්යාලයෙන් පිටවු ඔහුට ඉන් පූර්ණ විශ්‍රාම වැටුප් සහිතව දකුණු ඉන්දියාවේ වෙලින්ටන් හමුදා කඳවුරු පරිශ්‍රයේ විශේෂ නිල නිවසක් ප්‍රමාණවත් ආරක්ෂක සෙබළුන් සියලුම ආරක්ෂක වාහන සමග ගිලන් රථයක්ද මිය යන තෙක්ම සපයා තිබිණි. ආණ්ඩු මාරුවුවාට ඔහුගේ ජාතික වීරත්වය කිසිදු ආණ්ඩුවක් හෑල්ලුවට ලක් කළේ නැත.

 

 

අබ්දුල් කලාම් ජනාධිපතිවරයාව සිටි කාලයේ මනෙක්ෂෝ මහතාට ගරු කරනුවස් ඉන්දීය රුපියල් එක්කෝටි තිස් ලක්ෂයක පරිත්‍යාගයක්ද රජය විසින් කරනු ලැබිය.
එපමණක් නොවේ ඉන්දියාවේ හිටපු අගමැතිවරුන්ද මේ ආකාරයෙන්ම ආණ්ඩුවේ ආරක්ෂාව සහ ගරු සැලකිලි මැද ජීවත් වන බව ප්‍රසිද්ධ රහසකි.

අප මෙම පූර්විකාව ලිව්වේ, මෙරට 30 වසරක යුද්ධය හමාර කොට ත්‍රස්තවාදීන්ගේ උපරිම තර්ජනයට ලක්ව සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ වෙඩිනොවදින නිල රථය ඇතුළු වාහන සහ නිල නිවස අහිමි කළ අයට අපේ අසල්වැසි ඉන්දියාව රටේ ආරක්ෂක ප්‍රධානියෙකුට සැලකු ආකාරය දැනගැනීම පිණිසයි.

මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකාවේ හිටපු සේනාධි නායකයාය. ඔහුට නැති ආරක්ෂාවක් ඔහු යටතේ සේවය කළ ෆිල්ඩි මාෂල්ට අනෙක් හමුදාපතිවරුන් දෙදෙනාට අදටත් හිමිව තිබේ. අපි එය වරදක් යයි කිසිසේත්ම නොකියමු.

ඒත් වැඩිම තර්ජනය ඇත්තේ ත්‍රිවිධ හමුදාවට එදා අණදුන් සේනාධිනායකයාට බව වත්මන් රජයට නොතේරේ නම් එය දේශපාලන කුහක කමයි

 

 

 

ඉන්දියාව තමන්ගේ රටේ දේශපාලන බල තුලනය තහවුරු කළ හමුදා ප්‍රධානියාට ලබාදුන් ගෞරවය වත් රටේ ජනතාවට නිදහසේ ජීවත්වීමේ හිමිකම ලබාදුන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට ලබා නොදීම අක් මුල් සිදු අකෘතඥ ජාතියක සහ ආණ්ඩුවක කෙරුවාව ලෝකය හමුවේ හෙළිදරව් කොට තිබේ.

 

 

(විශේෂ ලියුම්කරුවකු විසිනි)