Language Switcher

V2025

රවීව තේරුම් ගැනීමට ශ්‍රී ලාංකේය ජන මනස ප්‍රබුද්ධ විය යුතුයි !

User Rating: 5 / 5

Star ActiveStar ActiveStar ActiveStar ActiveStar Active
 

රවි කරුණානායක ගැන කියන විටම සමහරුන්ගේ මනසට එන වැරදි චිත්‍රය කුමන්ත්‍රණකාරී බලවේග විසින් සමාජගත කොට ඇති විකෘතියකි.

එය රවි ගේ පෙර පවකැයි ඔහු ගැන කියවා ඇති ඔහුට සමීප සමහරු කියන්නේ ගැඹුරු කරුණු රැසක් හා සාධක සහිතවය.

අද දේශපාලනයේ බහුල නිසි අධ්‍යාපනයක් හා අත්දැකීම් නැති අට පාස් හිස් අයට සාපේක්ෂව රවි ඉහළ අධ්‍යාපනයක් ලැබූ ශක්තිමත් පවුල් පසුබිමක් සහිත අයෙකි. රවි සමග හැරෙන්නටවත් බැරි නිසා ඔවුහු රවි ට එරෙහි කුහකත්වය මුදාහරිති. රවි යනු ලලිත් හා ගාමිණී සෙවණේ පෝෂණය වූ දැනට වසර 30 ක දේශපාලන අත්දැකීම් ඇත්තෙකි. තවද රටේ ආර්ථිකය සවිමත් කරමින් හා විශාල පිරිසකට රැකියා සපයා ඇති සාර්ථක ව්‍යාපාරිකයෙකි. දේශපාලන හා ව්‍යාපාර ක්ෂ්‍රේත්‍රයේ පුලුල් දැක්මක් මෙන්ම ජාත්‍යන්තර සබඳතා සහිත අයෙකි.

ඒ සියල්ලට වඩා ඔහු මෙරටින් බිහිවූ හොදම මුදල් ඇමතිවරයාය. එය කියනවිට සමහරු උපහාසයෙන් බැලූවද ලොවම පිළිගත් එංගලන්තයේ බැංකුකරුවන්ගේ ආයතනය එම ගෞරවය ඔහුට ලබාදුන්නේ කෙසේද යන්න කිසිවෙකු ගවේෂණය කරන්නේ නැත.

ලොව හොදම මුදල් ඇමති ලෙස රවීට ලැබුණු එම ගෞරවය මෙරටට ලැබුණු එකම අවස්ථාව විය.

එහෙත් එය කුහකත්වයෙන් හා පහත් උපහාසයෙන් මෙන්ම බොරු චෝදනා මෙන්ම මඩ වලින් වැසීයාම රට පැත්තෙන් ගත්විට අවාසනාවකි.

ඉන්දන මිල රු 10 කින් අඩුකර ජනතාවට සහන දෙන්නැයි ශ්‍රේෂ්ටාධිකරණය නියම කල ද එය නොකල පාළකයන් 2015 ආසන්නයේ සිටියදී රවි මුදල් ඇමතිවූ වහාම මෙරට ජනතාවට දුන් සහන පැකේජය තරම් එකක් වෙනත් කිසිදු රටක ජනතාවට ලැබී තිබුණේ නැත.

ඉන්දන ගෑස් පොහොර මිල අඩුකර සමෘද්ධි මහපොළ වැඩිහිටි දීමනා වැඩිකල එවකට මුදල් ඇමති රවි ගැබිනි මවුන්ට පෝෂණ මල්ලක් ලබා දී රජයේ සේවකයන්ට රු10, 000 ක ඉතිහාසගත පඩි වැඩිවීමක් ලබා දී ආර්ථිකය අද මෙන් බංකොලොත් නොකර සමබරව ඉදිරියට ගෙන ගියේ ඔහු ගේ නිවැරදි දැක්ම තුළය. ඔහු හොදම මුදල් ඇමති වූයේද ඒ තුළය.

එහෙත් අහක යන බැදුම්කර කරුමයක් එවකට මුදල් ඇමතිවූ හේතුවෙන් රවි ගේ කරමත පතිත විය. නමුත් මහබැංකුව හා සෙසු රාජ්‍ය බැංකු බාරව සිටියේ රවි නොව යහ පාලන රජයේ වෙනත් දෙදෙනෙකි. රවි ට චෝදනා කරන කිසිවෙකු ඒ මූලික කරුණ පවා නිවැරදිව වටහාගෙන නැත. අද ඔහුගේ කරමත පටවා ඇත්තේ අනුන්ගේ පවු බව හිතෙන්නේ එහෙයිනි. තවද රවී හැමවිටම "රනිල්" වෙනුවෙන් පෙනී සිටි හා සටන් කල චරිතයකි. ඒ තුළ ඔහු රනිල් ට එරෙහි බලවේග වලද සදාතනින ගොදුරක් හා එදිරිවාදියෙක් බවට පත්වීම ද වැඩි දෙනෙකු තේරුම් නොගත් වැදගත් යථාර්තයකි.

යහපාලනයේ සිටි බොහෝ ප්‍රබලයන් තනියම එම බලයේ රස හා සාරය උරද්දී රවි හැකි උපරිමයෙන් පාක්ෂිකයා හා සමස්ත ජනතාව බලාගත් අතර ඔවුන්ගේ දුකට සැපට තම අතේ මුදලින් පවා පිහිටවූ එකම මිනිසාය.

එහෙත් මෙරට බොහෝ ජඩ මාධ්‍ය කළේ පොළොවේ පය ගසා මිනිසුන් සමග සිටි රවි දේශපාලන ලෙස ඝාතනය කොට රටම කෑ හොරුන් මිණීමරුවන් හා පගාකාරයින් ට ආවඩා ඔසවා තැබීමය. එම ජඩ මාධ්‍ය මෙහෙයුම තුළ පක්ෂයේ ඇතැම් ප්‍රබලයන් ද මනස විකෘති කරගත්හ.

රවි යනු පෙර කළ අකුසලයක් පෙර පවක් ගෙවන මිනිසෙකු බවට ඇතැමුන් කරන විග්‍රහය යථාර්තවාදී වන්නේ එවැනි පසුබිමකය. මන්ද රවි ට එල්ලවූ බැදුම්කර හා සෙසු සියලු චෝදනා හා මඩ වලින් අභයාචනාධිකරණයේදී නිදොස් කොට නිදහස්වී ඇති බැවිනි. එසේම රවී මුදල් ඇමති ලෙස ප්‍රතිපාදන නොසපයන්නට මධ්‍යම අධිවේගයේ මිරිගම කුරුණෑගල කොටසක් අද ජනතාවට ලැබෙන්නේ නැත.

තවද රවී තරම් සුන්දර පවුල් ජීවිතයක් ගෙවන මිනිසුන් ද වත්මන් දේශපාලකයන් අතර විරලය. ඔහු ගැන සැබෑ ලෙස තේරුම් ගන්නට ලාංකීය ජන මනස ප්‍රබුද්ධ විය යුත්තේ එහෙයින් බවට තර්කයක් මතු වන්නේ එවැනි පසුබිමකය. තවද රවී වැනි පොළොවේ පය ගසා සිටින අයගෙන් රටට වැඩ නොගතහොත් එය ජනතාවගේ පැත්තෙන් කරනා අසාධාරණයක් බවට ද මතවාද පවතී.

රවි සමඟ හෝරාවක් (ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අශෝක ජයතුංග)