Language Switcher

V2025

ආණ්ඩුවේ දූගී මගී යාචක සංගමයට අභියෝගයක්,

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ඉස්සර නං ආණ්ඩුව ඇතුළේ ඉන්න සුළු පක්ෂ සන්ධානය රැස්වුණා කිව්වම ඒක ලොකු නිව්ස් එකක්.ඒක ලොකු නිව්ස් එකක් කරන්න එයාලත් මාර ට්‍රයි එකක් දෙනවා.ඒත් දැන් ඒක නිව්ස් එකක් වෙන එක නවත්තන්න එයාලා මාර ට්‍රයි එකක් දෙනවා.කොහොම හරි ඊයෙත් ආණ්ඩුවේ දුගී මගී යාචකයෝ ටික රැස්වෙලා තිබුණා.හැබැයි ප්‍රධානියෝ මාධ්‍යට මුණ දෙන්නේ නැතිව පැනලා ගියා.

විමල් පැනලා යන හැටි රටම දැක්කා.වාසු Full Unconce බව හොදටම පෙනුනා.පව් තිස්ස විතාරණ.පට්ට අසරණ වෙලා.ඇඹරෙන විදිහට මොකක් හරි වෙයි කියලා රටේ රාළට බයත් හිතුණා.ගම්මන්පිල නං කිව්වේ සාකච්ඡා කරපුවා ඔක්කොම රහස් කියලා.ඇත්තටම රටේ රාළගේ නං කියන්නේ ගම්මන්පිල හොද දේශපාලනයට නෙවෙයි.හැබයි ඒකෙන් කියන්නේ නෑ එයා නීතිඥ වෘත්තීයට හොදයි කියලා.ඇත්තටම එයා විකට නළුවෙක් උනා නම් ඔයිට වැඩිය සේවයක් රටට කරන්න තිබුණා.මිනිහා මාර බඩුවක්,ඇමරිකාවට විරුද්ධව දේශප්‍රේමීයෙක්,හැබැයි ඉන්දියාවට පක්ෂව දේශද්‍රෝහීන්යෙක්.ඔයාලා දන්නවනේ රටේ රාළ දිගටම ඔය එකතුවට කිව්වේ ආණ්ඩුවේ ඉන්න දුගී මගී යාචක සංගමය කියලා.ඒක හැබැයි දේශපාලන අර්ථයෙන් කියපු දෙයක්.මොකද ඔතන කවුරුත් දුගියෝ නෑ.රටේ රාළ කියන්නේ එයාලගේ දේශපාලන දුගී බව ගැන.පටලගන්න එපා.බහුතරය කෝටිපතියෝ.ඇත්තටම දැන් විමල්ලාට තමන් මේ ආණ්ඩුවේ ඉන්නේ මොකටද කියලා රටට තහවුරු කරන්න බෑ.

ප්‍රශ්නය තියෙන්නේ එහෙම තහවුරු කරන්න බැරි එයාලට දේශප්‍රේමීන් වෙන්නත් ඕනි, ගැටුම එන්නේ ඔතනදී.ඇත්තටම එයාලා වහල්ලු විදහටම ඉන්නවා නං කිසි ප්‍රශ්නයක් නෑ.හැබයි වහල්ලු දේශප්‍රේමීන් වෙන්න යනකොට ඒක ප්‍රශ්නයක්.ඇත්තටම අපිටත් ඒක දිහා බලා ඉන්න බෑ.එතකොට ඉතින් නෙලන්න තමයි අපටත් වෙන්නේ.ඔක්කොම නෝන්ඩි වැඩ ටික කරන ගමන් වාසුට සමාජවාදීයෙක් වෙන්නත් ඕනි.නිකං හිතන්නකෝ දැන් කොල්ලුරේට පුළුවන්ද සමාජවාදියෙක් වෙන්න කියලා.ඒවගේ තමයි වාසු සහෝදරයටත්.සහෝදරත්වයෙන්ම ඉතිහාසයේ කුණු බක්කියට දාන්න වෙනවා. සමාවෙන්න.ඒත් වෙන කරන්න දෙයක් නෑ. ඊළඟට කට්ටියටම මේ තක්කඩි ආණ්ඩුවේ ඉන්නත් ඕනි.ඇත්තටම දැන් මේ ආණ්ඩුවේ කිසිම දේශප්‍රේමියෙකුට ඉන්න බෑ.කිසිම සමාජවාදියෙකුට ඉන්නත් බෑ,අඩුම ගානේ ප්‍රගතිශීලියකම ගෑවිලා හරි තියෙන කෙනෙකුටවත් ඉන්න බෑ.රාජපක්ෂලා අමු අමුවේ රට විකුණනවා,රට පාවලා දෙනවා, හොරකම් කරනවා,අන්තිමට ආපු පෝරවලිනුත් ගහලාලු.අද රාජපක්ෂලා හොරකම් කරන්නේ නැත්තේ තවත් රාජපක්ෂ කෙනෙකුට අයිති දේපලක් විතරයි.ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උදුරගෙන. හදිස්සි නීතිය දාගෙන රට පාලනය කරනවා.

ජනතාව මත උහුලන්න බැරි බර පටවලා. මිනිස්සුන්ට මේ ආර්ථික බර තවත් දරන්න බෑ.පාසැල් පද්ධතිය කඩා වැටිලා.ගුරු ප්‍රශ්නයට තවම උත්තරයක් නෑ.ගොවියා තවමත් මහ පාරේ.ඉතින් දේශප්‍රේමීයෙකුට, සමාජවාදියෙකුට,ප්‍රගතිශීලියෙකුට,ප්‍රජාතන්ත්‍රවාදියෙකුට රෙද්දක් ඇදගෙන තවදුරටත් මේ ආණ්ඩුවේ ඉන්න පුළුවන්ද?ඇත්තටම මේක රාජපක්ෂලාගේ හා එයාලාගේ ව්‍යාපාරික හිතවතුන්ගේ ආණ්ඩුවක්.මේ ආණ්ඩුවත් එක්ක තවමත් ඉන්න කෙනෙක් දිහා හොදට බලන්න.ඇත්තටම එයා ඉන්නේ මොකක් හරි වාසියකට විතරමයි.අඩුම ගානේ වැලි,ගල්,පස් අදින්න හරි පෝමිට් එකක්වත් ඇති.ඒක නිසා මේ ආණ්ඩුවත් එක්ක තව දුරටත් ඉන්නේ චෞර්යයෝම තමයි.විමල්ලගේ ඔය කණ්ඩායම අහුවෙන්නෙත් ඒ දේශපාලන චෞර්යයත්ගේ ගොඩට.නැත්තං එයාලා ඔය සටන දෙන්න ඕනි අඩුම ගානේ ස්වාධීන වෙලා. ඒකට විපක්ෂයට යන්න ඕනී නෑ.අඩුම ගානේ ආණ්ඩුව ඇතුළේ ස්වාධීන කණ්ඩායමක් විදිහට ඉන්න පුළුවන්.ඒකට එයාලා ඉස්සෙල්ලාම කරන්න ඕනි තමන් දරණ තනතුරුවලින් ඉල්ලා අස්වීම.අස්වෙලා ආණ්ඩුව කියන්න ඕනි දැන් අපි ස්වාධීනයි.අපි ආණ්ඩුව කරන හොද දේට විතරක් සහය දෙන්නම් කියලා.

ඇත්තටම එයාලට කරන්න පුළුවන් අවම දේ ඒක.ඉතින් අවම දේවත් කරන්නේ නැතිව බ්‍රහ්ම දත්ත ටෝක් දීලා කොලේ බේරගන්න පුළුවන් කියලා එයාලා හිතනවා.ඒක තමයි රටේ රාළ ඔය කියන දේශපාලන දුගී බව.ඒක දැන් ජනතාවට තේරෙනවා.එයාලා හිතන තරම් මෝඩයෝ දැන් 69 ලක්ෂේ ඇතුළෙත් නෑ. ආණ්ඩුවේ තනතුරු දැරීම විසින් හම්බවෙන වරප්‍රසාදය අතහරින්න ඔය කවුරුත් කැමති නෑ.ඔය හැම කෙනාම ගත කරන්නේ අධි සුඛෝපභෝගී ජීවිත.ඒවා රාජපක්ෂලා ගත කරන ජීවිතවලට වඩා කිසිම වෙනසක් නෑ. ඇත්තටම පෞද්ගලික කාරණා කියන්න බැරි නිසා කරන්න දෙයක් නෑ.නැත්තම් විමල් ලගින් ආශ්‍රය කරන ඕනි කෙනෙක් දන්නවා එයා විදින සැපේ තරම.රටේ රාළට ඒ ගැන ඉරිසියාවක් නෑ.හැබයි රටේ රාළ ඒ විදින සැපට එකඟ නෑ. රටේ මහජනතාවගේ ලේ උරා බීලා විදින සැප පලදෙන්නේ නෑ.නැත්තං රටේ රාළත් ඔය සැපම විදින්න පුළුවන්.අදත් පුළුවන්.මේ දැනුත්.හැබැයි මේ රටේ අහිංසක මිනිසුන්ගේ ඊරී මාංශ උරා බීලා දරුවන්ට කන්ඩ දෙන මිනිහෙක් නෙවෙයි රටේ රාළ.

රටේ රාළ විමල්,ගම්මන්පිල,වාසු ඇතුළු දුශී මගී යාචකයන්ට අභියෝගක් කරනවා. පුළුවන් නම් තනතුරු අතෑරලා මේ ආණ්ඩුවට අභියෝග කරන්න කියලා.කවුරු හරි හිතනවා නං වාසු,විමල්,ගම්මන්පිල ඇමතිකම් ආතහරී කියලා ඒවට කියන්නේ වැල් බයිලා කියලා. තිස්ස විතාරණ තවමත් අඩන්නේ තනතුරක් නෑ කියලා.ඔයාලා හිතනවද රාජා කොල්ලුරේ ආණ්ඩුවට විරෝධය දක්වන්න ආණ්ඩුකාර ධූරය අතාරී කියලා.මළත් අතාරින්නේ නෑ. රාජපක්ෂලා අයින් කළොත් තමයි.ඔය මිනිස්සු මැරෙනකොටත් චුති සිත පහල වෙන්නෙත් ඕවා ගැන තමයි.ඒක නිසා වෙන්න ඇති මහජන දේපල මංකොල්ල කාපු අය ලබන ආත්මේ මළ පෙරේතයෝ වෙලා උපදිනවා කියලා කියන්නේ.මෙතනදී මළ කියන්නේ මොනවද කියලා දන්නවනේ,පූජ කරන මල් නෙවෙයි අපි පිට කරන ඒවා.ඒකත් ආත්ම ගානක් පඩිසන් දෙනවා කියනවා.

ඇත්තටම ඔය සන්ධානය දිහා බලනකොට රටේ රාළට නං මතක් වෙන්නේ ගමේ ඉන්න පිං ගොනා.පිං ගොනා පිනට ඇරලා තියෙන්නේ. පිනට කකා ඉන්න එක තමයි උගේ වැඩේ.ඌ පිනට කන නිසාම ඌ අනික් ගොන්නුන්ට වැඩිය ලොකුයි.හයියෙන් තප්පුලන්නත් පුළුවන්.හොදට මොල්ලියත් තියනවා. ඇත්තටම ඌ හොද පෙනුම තියෙන ගොනෙක්. සමහරවිට වැස්සියෝ උනත් අනිත් ගොන්නුන්ට වඩා පිං ගොනාට කැමති ඇති. ඇත්තටම දේශපාලන අර්ථයෙන් ගත්තොත් එහෙම ගොන් හැත්තක් නෙවෙයිද මේ?ආණ්ඩුවේ කිසි කෙනෙක් මොයාලව ගනන් ගන්නේ නෑ.ඔහේ ඉන්නවා.පිනට ඇරලා වගේ. යුගදනව් එකට දාපු සද්දේ දැන් ඉවරයි. ජනාධිපති එක්ක බේර ගන්නවා කියලා කෑගහපු තරමක්.දැන් කෑගහලා හරි අපූරුවට කරගෙන තියෙන හැටි පේනවා.ඇත්තටම ලැජ්ජයි.ජනාධිපති හම්බ වෙන්න වෙලාවක් ඉල්ලලා ලියුම් ලිව්වා.අන්තිමට ජනාධිපති යුගදනවි එක ගැන මෙයාලගේ ස්ථාවරය වැරදී කියලා කිව්වා.ඒක ලිඛිතව දැනුම් දුන්නා.හම්බ වෙන්න වෙලාවක් දෙන්න බෑ කියලත් කිව්වා. ඒවා මහින්දයි,බැසිලුයි එක්ක බේරගන්න කිව්වා.

ඇත්තටම මොකක්ද ජනාධිපති කළේ?මෙයාලට පයින් ගහලා ඇමරිකාවත් එක්ක හිට ගත්ත එක නෙවෙයිද?හිටගෙන වාසු,විමල්,ගම්මන්පිල ඇතුළු දේශප්‍රේමීන් රොත්ත බුරුත්තම බැසිල් කියන ඇමරිකන් පුරවැසියා ඉස්සරහා දණ ගැස්සුව එක නෙවෙයිද?විමල්ගේ විග්‍රහයෙන්ම බැලුවොත් එහෙම නෙවෙයිද වෙලා තියෙන්නේ.අඩුම ගානේ ඒකට විරුද්ධව එක වචනයක් කියන්න ඔතන එක්කෙනෙකුටවත් කොන්දක් තියනවද?එහෙම කිව්වොත් ජනාධිපති ඔය තනතුරු ටික ගලවයි කියන බයට මෙයාලා කරන්නේ හැංගෙන එක.ඒක නිසා ගමේ ඉන්න පිං ගොනා මෙයාලත් එක්ක සංසන්දනය කරන එක දේශපාලන අර්ථයෙන් වැරදි නෑ. වෙනසකට තියෙන්නේ පිං ගොනා තවම පේන්න ඉන්නවා.ඇත්තටම ජනාධිපති කරපු ඒ හෑල්ලුව ඉස්සරහා හැගීම් දැනෙන මිනිහෙකුට නං තවත් එක තත්පරයක් මේ ආණ්ඩුවේ ඉන්න බෑ.මෙයාලගේ දැන් ඒ අවයව මරිලා. එතනදී ජනාධිපතිත් බරපතල වැරැද්දක් කළා. ජනාධිපතිත් රටට පෙන්නුවා තමනුත් වගකීමක් නැති කෙනෙක් කියලා.

ඇත්තටම විමල්ලා ආණ්ඩුවෙන් ඉවත්වීම නෙවෙයි කරන්න ඕනි.හරි නං මුළු දේශපාලනයෙන්ම අයින්වෙලා ගෙදර යන්න ඕනි.මොකද ඒයාලා තමයි දේශප්‍රේමී සළපිලි අන්දවලා මේ රට ඇමරිකන් පුරවැසියෙකුට බාර දුන්නේ.අපිව ඇමරිකන් උපායමාර්ගය ඇතුළු කොටු කළේ එයාලා.ඒ අපරාධයට නං මෙයාලට මළ පෙරේතයෝ වෙලත් බේරෙන්න බෑ.ජනාධිපතිතුමාගේ ඇමරිකන් පක්ෂපාතීත්වය එතුමා විසින් දැන් ඔප්පු කරලා ඉවරයි.ඒක තේරුම් ගන්න පුළුවන් ජනාධිපති විමල්ලට එවපු ලියුම හරියට කියෙව්වොත්.එතුමා හිටගත්තේ මේ රට පැත්තේ නෙවෙයි.ඇමරිකන් සමාගම පැත්තේ. මේ මව්බිම බිමට වඩා එතුමාට ඇමරිකාව කිට්ටුයි.ඒ වගේම දැන් රටේ රාළටත් සුදු වෑන් එක හොදටම කිට්ටුයි.

එහෙනම් ගිහින් එන්නම්. බුදු සරණයි.ජයවේවා.

Priynatha witharanaමීට රටේ රාළ.

(ප්‍රියංජිත් විතාරණ ගේ ෆේස්බුක් ගිනුමෙනි ගිනුමෙනි )