කොවිඩ් - 19 ආසාදනය හේතුවෙන් තවත් ශ්‍රී ලාංකිකයකු බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවරදී ඊයේ (28) ජීවිතක්ෂයට පත්ව ඇතැයි එරට තානාපති ආරංචි මාර්ග පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ ලක්ෂ්මන් විජේරත්න හෙවත් ලකී නමැති 61 හැවිරිදි පුද්ගලයෙකි.
ලන්ඩන් නුවර ෆෙල්තම් ප්‍රදේශයේ Hounslow, Feltham හි පදිංචිව සිටි ඔහු කොවිඩ් - 19 වෛරස ආසාදනයට ලක්ව රෝහල්ගතව දින ගණනක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට ඊයේ ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන් වේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
