අටුළුගම මාරාව කොරෝනා වයිරසය ආසාදිත යැයි තහවුරු වූ පුද්ගලයාගේ පියා සහ සහෝදරියද එම රෝග ලක්ෂණ පහල කිරීම හේතුවෙන් අද (28) 1990 සුවසැරිය ගිලන් රථයෙන් කලුතර නාගොඩ මහ රෝහල හරහා පිටත් කල බව බණ්ඩාරගම සෞබය වෛද‍්‍ය කාර්යාලය කියයි.
ඩුබායි රටේ දින 02 ක් ගත කර ඉකුත් 19 වෙනි දින මෙරටට පැමිණ තිබූ එම පුද්ගලයා දින 06 ක කාලයක් තිස්සේ අටුළුගම ප්‍රදේශයේ සැරි සරා පුද්ගලයන් රැසක් ඇසුරු කළ බවට තොරතුරු අනාවරණය වී ඇතැයි සෞඛ්‍ය කාර්යාලය කියයි .
මේ වන විට එම ගම සමග බාහිර සියළු සම්බන්ධතා අඅත්හිටුවීමට ආරක්ෂක අංශ පියවර ගෙන ඇති අතර ඒ සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් අනුවය.
ඡායා- ලංකාදීප
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
