ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීමේදීවූ මූල්‍ය අක‍්‍රමිකතාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග හදීසි රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ ගෙවන වාට්ටුවට ඇතුළත් කර ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සදහන් කරයි.
කොළඹ රිමාන්ඞ් බන්ධනාගාර රෝහලේ රදවා සිටි උදයංග වීරතුංග මහතා මෙලෙස කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇත්තේ පසුගිය 25 වැනිදා බවත්, මේ වන විට බන්ධනාගාර ආරක්ෂාව මධ්‍යයේ ප‍්‍රතිකාර ලබමින් සිටින බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.
මෙම මිග් යානා ගනුදෙනුවට අදාළව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් උදයංග වීරතුංග අත්අඩංගු-වට ගනු ලැබුවේ ඉකුත් පෙබරවාරි මස 14 වැනිදාය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
