බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ඔහුගේ නිල නිවස වන ක්ලැරන්ස් මන්දිරය තහවුරු කළේය.
71 හැවිරිදි කුමරු සුළු රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම "හැරුණුවිට හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන" බව ප්‍රකාශකයකු පැවසීය.
චාල්ස් කුමරුගේ බිරිය වන කෝන්වෝල්හි ආදිපාදවරිය කැමිලා පාකර් ද පරීක්ෂාවට ලක් කෙරුණත් ඇයට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී නැත.
චාල්ස් කුමරු හා කැමිලා යන දෙදෙනා මේ වන විට බැල්මොරල් මන්දිරයේ ස්වයං හුදෙකලා වී ඇති බව ද ක්ලැරන්ස් මන්දිරය පැවසීය. "ගෙවුණු දින කිහිපය පුරා චාල්ස් කුමරු නිවසේ සිට වැඩ කළ," බව ද කියවිණි.
"ආණ්ඩුවේ වෛද්‍ය උපදෙස් පරිදි කුමරු හා ආදිපාදවරිය ස්කොට්ලන්තයේ පිහිටි නිවාස තුළ ස්වයං හුදකලා වී සිටිති," යනුවෙන් නිල නිවේදනයේ දැක්විණි.
"පසුගිය සති කිහිපය පුරා කුමරු ප්‍රසිද්ධ අවස්ථා රැසකට එක්වූ බැවින් කවරකුගෙන් වෛරසය එන්නට ඇත්දැයි පැවසීම අසීරු" යැයි ද නිවේදනයෙන් පෙන්වා දී තිබේ.
බිබිසී
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
