කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තවීම පාලනය කරගැනීම වෙනුවෙන් යාපනය, උඩුවිල් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ තාවඩි ගම්මානයේ ජනතාවට නැවත දැනුම් දෙනතුරු එම ගම්මානයෙන් පිටතටයාම හෝ නිවාසවලින් පිටතටයාම තහනම් කර ඇතැයි යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාල ආරංචිමාර්ග පවසයි.
යාපනයෙන් හමුවූ ප්‍රථම කොවිඩ් 19 වෛරසය ආසාදිත රෝගියා හමුවීමත් , පසුගියදා ස්විස්ටර්ලන්තයේ සිට පැමිණි දේවගැතිවරයා විසින් පැවැත්වූ දේවමෙහෙයට මෙම ගම්මානයෙන් විශාල පිරිසක් සහභාගීවී සිටිම හේතුවෙන් වෛරසය ව්‍යාප්තවීම වළක්වා ගැනීමේ අපේක්ෂාවෙන් උතුරු පළාත් ආණ්ඩුකාර පි.එස්.එම් චාර්ල්ස් හා යාපනය දිස්ත්‍රික් ලේකම් කනපතිපිල්ලේ මහේෂන් ඇතුළු ආරක්ෂක අංශ විසින් මෙම තීරණය ගෙන ඇත.
ඒ අනුව නාවඩි ගම්මානය වෙත කිසිවෙකු ඇතුළුවීම හෝ එයින් පිටවීම තහනම්කර ඇත. තවද ගම්මානයේ මාර්ග සියල්ල වසා දමා යුද හමුදාව විසින් තාවකාලික ආරක්ෂක මුරකපොලු ඉදිකර ඇති බවද වාර්තා වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
