ජාතික රූපවාහිනියේ සේවකයකුත් නිරෝධායනයට !

ජාතික රූපවාහිනියේ සේවකයකුත් නිරෝධායනයට !

ජාතික රුපවාහිනියේ වේශ නිරුපන ශිල්පියකුට ද වහාම නිරෝධායනයට යොමුවන්නැයි බලධාරීන් විසින් දැනුම් දී ඇත. එසේ නිරෝධායනයට යොමුකර ඇත්තේ, පසුගියදා රුපවාහිනියේ වෛද්‍ය අධ්‍යාපනික වැඩසටහනකට සහභාගිවූ වෛද්‍ය ප්‍රියන්ත ජයවර්ධනට සහය වූ වේශ නිරුපන ශිල්පියා ය.  

කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුලත්ව ප්‍රතිකාර ලබමින් සිටි මැක්ලරන්ස් (McLaren) සමාගමේ විධායක නිලධාරියකුට ද කොරෝනා වෛරසය අසාදනය වී ඇතැයි තහවුරුව ඇති බව වාර්තා වන අතර  ඔහුට එම රෝහලේ දී ප්‍රතිකාර කළ විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධනට ද එම වෛරසය ආසාධනය වී ඇති අතර ඔහුව ද වහාම නිරෝධායනය ක්‍රියාවලියට යොමුකර ඇත.

වෛද්‍ය ප්‍රියන්ත ජයවර්ධන කොළඹ ප්‍රධාන පුද්ගලික රෝහල් කිහිපයකම ප්‍රතිකාර කරන අතර මෑත දිනවලදී ඔහුගෙන් ප්‍රතිකාර ලබාගත් රෝගීන් නිරෝධායනය වීම සුදුසු බවත් සෞඛ්‍ය බලධාරීන්ගේ මතය වී තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න