පොහොට්ටුව සමග එක්ව තරග කළ යුතුද යන්න සම්බන්ධයෙන් වූ තීරණාත්මක සාකච්ජාවක් මේ වනවිටත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බව මව්රට වාර්තා කරයි.
මෙහිදී අතිබහුතරයක් හිටපු මන්ත්‍රීවරුන් ඇතුලු ආසන සංවිධායකවරුන් ශ්‍රීලනිපය වෙනම තරග කළ යුතු බව සදහන් කොට ඇති නමුත් සිරිසේන පොහොට්ටුව සමග එක්ව තරග කළ යුතු බවට වූ දැඩි ස්ථාවරයක සිටින බව ඒ පුවතේ සඳහන් කර ඇත.
පාස්කු ප්‍රහාරය මුල්කරගෙන අත්අඩංගුවට පත්වනු ඇති බවට මතුව ඇති සැකය මත සිරිසේන මෙසේ පොහොට්ටුව සමග එක්ව තරග කළ යුතු බවට දැඩි ස්ථාවරයක සිටින බවද එහි වැඩිදුරටත් සඳහන් කර ඇත.
කෙසේ වෙතත් මේ වන විට දිස්ත්‍රික්ක 4ක් හැරුණු විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහ මැතිවරණය සඳහා අත ලකුනින් තරග කිරීමට සූදානම් කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
