අද පස්වරු 3.00 සිට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට යානා ගොඩ බැස්සවීම අත්හිටුවීමට තීරණය කර තිබේ.
ජනාධිපති ලේකම් කාර්යාලේ අද පැවැති මාධ්‍ය හමුවකදී ජනාධිපතිවරයා මේ බව කීවේය.
ඒ අනුව අද සිට සති දෙකක් යන තුරු ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිතව තිබු සියලු ගුවන් ගමන් අත්හිටුවා තිබේ.
දඹදිව වන්දනාවේ ගොස් සිටින පුද්ගලයින් 891 දෙනකු යළි කඩිනමින් ශ්‍රී ලංකාවට රැගෙන ඒම සඳහා වැඩිම මගීන් ප්‍රමාණයක් ගෙන ආ හැකි විශේෂිත ගුවන් යානා දෙකක් යොදවන බවද එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
