කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් අද සිට ශ්‍රී ලංකාව ඇතුලු රටවල් 14 කින් පැමිණෙන පුද්ගලයන්ට සිය රටට ඇතුළුවීම තාවකාලිකව තහනම් කරන බව කටාර් රාජ්‍යය ප්‍රකාශ කළේ ය.
ශ්‍රි ලංකාවට අමතරව බංග්ලාදේශය, චීනය, ඊජිප්තුව , ඉන්දියාව , ඉරානය , ඉරාකය, ලෙබනන්, නේපාලය ,පාකිස්ථානය, පිලිපීනය, දකුණු කොරියාව , සිරියාව සහ තායිලන්තය යන රටවල පුද්ගලයින්ට ද අදාළ තහනම පනවා තිබේ.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාව තුළ තවමත් කොවිඩ් 19 අසාදිතයන් වාර්තා වී නොමැති අවස්ථාවක කටාර් රාජ්‍යය මෙම තීරණය ගෙන තිබේ.
නමුත් මේ වන විට කොවිඩ් 19 ආසාතියන් වැඩි ලෙස වාර්තා වන ඉතාලිය, ජපානය, ප්‍රංශ්‍ය, ජර්මනිය හා ඇමෙරිකාව යන රටවල්වලට කටාර් රාජ්‍යය මෙම තහනම පනවා නොමැත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
