ඇමතිවරුන්ගේ පුද්ගලික ලේකම්වරුන් සමග ඊයේ (20) පැවැත්වූ සාකච්ඡාවක් අතරමග ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර නැගිට ගොස් ඇතැයි වාර්තාවේ.
ජනාධිපති ලේකම් ලෙස ඔහු විසින් යවන ලද චක්‍ර ලේඛනයකට එරෙහිව ලේකම්වරුන් විසින් මතු කළ විරෝධතා සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට එම රැස්වීම කැඳවා ඇත.
ඇමතිවරුන්ගේ පුද්ගලික ලේකම්වරුන් රාජ්‍ය පාලන කටයුතු වලට මැදිහත් නොවිය යුතු බවට අවවාද කරමින් යවා ඇති එම චක්‍ර ලේඛනය පිළිබඳව සංවාදයේදී පී.බී ජයසුන්දර විසින් රට මුහුණ දෙන අමාරුකම් පිළිබඳව දීර්ඝ ලෙස කරුණු දක්වා ඇත.
එහිදී එම අමාරුකම් වලට හදිසියේම සොයා බැලීමකින් තොරව වැට් බදු ඉවත් කිරීම වැනි ඔහුගේ උපදෙස් මත රජය විසින් ගනු ලැබූ තීන්දු හේතුවූ බවට ද එහිදී ඇතැමුන් චෝදනා කර ඇත.
එවැනි විවේචන එකින් එක මතුවෙද්දී ඔහු හදිසියේම නැඟිට පිටව ගොස් ඇති බව වාර්තාවේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
