'නව ලංකා නිදහස් පෙරමුණ' ලෙස නව පෙරමුණකින් ඉදිරි මහ මැතිවරණයට තරග කරන බව කළුතර දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පැවසිය.
නව පෙරමුණ ලියාපදිංචි කිරීම සඳහා මැතිවරණ කොමසාරිස්වරයා වෙත අවශ්‍ය ලියකියවිලි ඉදිරිපත් කර ඇති බවත් ඉදිරි දින කිහිපය තුළ නව පෙරමුණ එළිදක්වන බවත් ඔහු සඳහන් කළේය.
නව පෙරමුණේ නායකයා ලෙස තමා කටයුතු කරන බව කී මන්ත්‍රීවරයා, එහි සභාපති, ලේකම් ඇතුළු නිලධාරීන් හා ලකුණ ඉදිරියේදී ප්‍රකාශයට පත් කරන බවද කීවේය.
මේවන විටත් පිළිගත් දේශපාලන පක්ෂ හයක් නව පෙරමුණ සමග එක්වීමට කැමැත්ත පළ කර ඇති බව කී මන්ත්‍රීවරයා, පොදුජන පෙරමුණට (පොහොට්ටුවට) අකැමැති ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට මෙන්ම සියලූ දෙනාට නව පෙරමුණට එක් විය හැකි බවද කීවේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
