රාජ්‍ය පොදු ව්‍යාපාර කාරක සභාවේ (කෝප්) සභාපති ලෙස ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති අද (07) ඒකමතිකව පත්ව ඇති බව වාර්තා වෙයි.
ඒ පාර්ලිමේන්තුවේ කමිටු ශාලා අංක 5 හී පැවති කෝප් කමිටු සාමාජිකයන්ගේ රැස්වීම අවස්ථාවේය.
එහෙත් මීට පෙර සමාජ මාධ්‍ය කිහිපයක සඳහන්ව තිබුණේ අද පැවැත්වෙන කෝප් කමිටු රැස්වීම අවස්ථාවේ අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සභාපති ධූරය සදහා පත්කර ගැනීමේ සූදානමක් ආණ්ඩු පාර්ශවයේ කිහිපදෙනකුට ඇති බවය.
මේ පුවත පළවීමත් සමග සමාජ මාධ්‍ය ජාල තුළ ඊට දැඩි විරෝධයක් සහ හාස්‍යට ලක්කරනු දක්නට ලැබිණ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
