ගැටුම් පැන නැගිය හැකි හෝ ප්‍රචණ්ඩත්වය වර්ධනය විය හැකි රටවල් සහ කලාප 10ක් ජාත්‍යන්තර අර්බුද සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන ගැටුම් අධ්‍යයනය පිළිබඳ ජාත්‍යන්තර ආයතනය (International Crisis Group -ICG) හඳුනාගෙන තිබේ.
2020 වසරට අදාළව එම ආයතනය නිකුත් කර ඇති වාර්තාව මගින් හඳුනාගෙන ඇති රටවල් සහ කලාප 10 අතර ශ්‍රී ලංකාව ද ඇතුළත් කර තිබීම විශේෂත්වයකි.
අදාළ රටවල් සහ කලාප පහත දැක්වේ.
"2019 නොවැම්බර් 16 වන දින තේරී පත් වූ ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ සොහොයුරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, අවුරුදු 26 ක සිවිල් යුද්ධයකින් පසුව ඇතිවූ ජනවාර්ගික සබඳතා සහ නීතියේ ආධිපත්‍යය පිළිබඳ ප්‍රතිපත්තිවල මූලික වෙනස්කම් ආරම්භ කර," ඇතැයි එහි සඳහන් වේ.
"පැවති එක්සත් ජාතික පක්ෂ රජය, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සහ යුරෝපා සංගමය හමුවේ පොරොන්දු වූ පශ්චාත් යුද්ධ සංහිඳියාව, වගවීම ඇතුළු ප්‍රධාන ව්‍යවස්ථාමය ජයග්‍රහණ සහ ප්‍රතිපත්තිමය කැපවීම් අතහැර දැමීම සම්බන්ධයෙන් නව රජය ඉඟි පළ කර ඇති" බව අදාළ වාර්තාවෙන් පෙන්වා දී තිබේ.
එම ප්‍රතිපත්තිමය වෙනස, "ශ්‍රී ලංකාවේ සිංහල හා බෞද්ධ බහුතරයේ වැඩි දෙනෙකු අතර පවතින වාර්ගික - ජාතිකවාදී අදහස් මත පදනම් වී ඇති" අතර, එමගින් "ජනවාර්ගික හා ආගමික ආතතීන් වැඩි වීමේ තර්ජනයක් මෙන්ම විධායක හා රාජ්‍ය බලය සම්බන්ධයෙන් සොයා බැලීමේ යාන්ත්‍රණ භයානක ලෙස දුර්වල වීමක් සිදුවන" බව ICG ආයතනයේ විශ්වාසයයි.
ගැටුම් අධ්‍යයනය පිළිබඳ ජාත්‍යන්තර ආයතනයේ වාර්තාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය මෙතෙක් නිල වශයෙන් ප්‍රතිචාරයක් දක්වා නොමැත.

මතු වී තිබෙන තත්ත්වයට එරෙහිව යුරෝපා සංගමය සහ සාමාජික රටවල් කළ යුත්තේ, අයිතිවාසිකම්වලට ගරු කරන සහ නීතියේ ආධිපත්‍යය ශක්තිමත් කරන පාලනයක් ඇති කරන බවට පසුගිය ආණ්ඩුව දී තිබෙන ප්‍රතිඥා ඉටු කරන මෙන් ශ්‍රී ලංකාවට දිගටම බලපෑම් කිරීම බව ICG ආයතනය සිය වාර්තාවෙන් නිර්දේශ කර තිබේ.
අතුරුදහන් වූවෝ: ජනපති ප්‍රකාශය ගැන ICJ 'තැති ගැනිලා'
විශේෂයෙන්ම වාර්ගික හෝ සුළුතර ජාතීන් නොසලකා හරින හෝ දේශපාලන මර්දනය ප්‍රවර්ධනය කරන වැඩසටහන්වලට යුරෝපා සංගමය ආධාර නොකළ යුතු බව ගැටුම් අධ්‍යයනය පිළිබඳ ජාත්‍යන්තර ආයතනයේ ස්ථාවරය වී තිබේ.
‘‘රාජපක්ෂවරුන් තම පවුලේ පාලනය රජය තුළ තහවුරු කර ගැනීම සඳහා නාට්‍යාකාර ලෙස පියවර ගෙන තිබේ. යෝජිත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් මගින් ජනාධිපතිවරයාට නැවත වරක් අමාත්‍ය ධුර කිහිපයක් දැරීමට ඉඩ සැලසෙන අතර, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාදායක සභාවේ මැදිහත්වීමකින් තොරව විනිසුරුවරුන්, නීතිපතිවරයා, පොලිස් ප‍්‍රධානියා සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පත් කිරීමට ඉඩ සැලසෙනු ඇත“
ගැටුම් අධ්‍යයනය පිළිබඳ ජාත්‍යන්තර ආයතනය
ඒ අනුව, යුරෝපා සංගමය සහ සාමාජික රටවල් ගත යුතු පියවර කිහිපයක් ICG ආයතනය යෝජනා කරයි:
"GSP+ යනු ඉබේ හිමිවන දෙයක් නොවේ. එය පිරිනමන්නේ මානව සහ කම්කරු හිමිකම්, පරිසර සහ යහපාලනයට අදාළ ජාත්‍යන්තර සම්මුතීන් 27ක් අඛණ්ඩව සහ ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමෙනි. යුරෝපා සංගමය එම සාධක ක්‍රියාත්මක වන්නේ ද යන්න සමීපව අධීක්ෂණය කරයි," යනුවෙන් ද තානාපති කාර්යාලය සිංහල භාෂාවෙන් නිකුත් කළ ට්විටර් පණිවුඩයේ දැක්විණ.
පළාත් සඳහා බලය බෙදා හැරීම ප්‍රතික්ෂේප කර ඇති අතර එමගින් ජනවාර්ගික සුළුතරයන්ට ස්වයං පාලනයක් ලබා දීමට අදහස් කරන යාන්ත්‍රණයක් බිහි වීම උදාසීන කරනු ලබන බව ද ICG ගැටුම් අධ්‍යයනය පිළිබඳ ජාත්‍යන්තර ආයතනයේ අදාළ වාර්තාවේ සඳහන් වේ.
උතුරේ විශාල දෙමළ බහුතරය "අස්වාභාවික" යැයි ගෝඨාභය රාජපක්ෂ විසින් කරන ලද අතීත ප්‍රකාශයන් හරහා ජන විකාශන චිත්‍රය වෙනස් කිරීම සඳහා නිර්මාණය කර ඇති හමුදාමය හා රාජ්‍ය සහය සහිත ජනගහන හුවමාරුවක් පිළිබඳ බිය වැඩි කරන බව එහි දැක්වේ.
පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පසුව සිදුවූ "මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සියලු ම සිංහල සැකකරුවන් නිදහස් කර ඇති" අතර ඔවුන්ට එරෙහිව "කිසිදු නඩු පැවරීමක් සිදු නොවිය හැකි" බවට එම ආයතනය අනුමාන කරයි.
"පවුල් පාලනය"
"රාජපක්ෂවරුන් තම පවුලේ පාලනය රජය තුළ තහවුරු කර ගැනීම සඳහා නාට්‍යාකාර ලෙස පියවර ගෙන තිබේ. යෝජිත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් මගින් ජනාධිපතිවරයාට නැවත වරක් අමාත්‍ය ධුර කිහිපයක් දැරීමට ඉඩ සැලසෙන අතර, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාදායක සභාවේ මැදිහත්වීමකින් තොරව විනිසුරුවරුන්, නීතිපතිවරයා, පොලිස් ප‍්‍රධානියා සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පත් කිරීමට ඉඩ සැලසෙනු ඇත." යනුවෙන් එම වාර්තාවේ දැක්වේ.
එහි තවදුරටත් දැක්වෙන්නේ, "බරපතළ මානව හිමිකම් උල්ලංඝණය කිරීම් සහ දේශපාලන අපරාධ පිළිබඳ "සංකේතාත්මක නඩු" සියල්ලේ ම පාහේ සැකකරුවන් අධිකරණය විසින් නිදහස් කරනු ලැබ ඇති" බවය.
''ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ මැතිවරණ ක්‍රමයේ වෙනසක් කළ යුතුයි''
30/1 යෝජනාව ප්‍රතික්ෂේප කිරීම හා ආපසු හැරවීම සඳහා ශ්‍රී ලංකාව යෝජනාවක් ඉදිරිපත් කරන්නේ නම්, යුරෝපීය කවුන්සිලයේ සාමාජිකයින් තරගකාරී ඡන්දයක් දිනා ගත හැකි සන්ධානයක් ගොඩනැගීම සඳහා උත්සහ කළ යුතු බවට ICG ආයතනය යෝජනා කරයි.
එම යෝජනාව තමන් අනුමත නොකරන බව ජනාධිපති රාජපක්ෂ ඇතුළු ආණ්ඩුවේ බලධාරීන් කිහිප වරක්ම පවසා තිබේ.
මාර්තු මස ඇරඹෙන ජිනීවා මානව හිමිකම් කොමිසමේ සැසි වාරයේදී ශ්‍රී ලංකාව සම්බන්ධව යෝජනා සාකච්ඡා කිරීමෙන් වළකින ලෙස ඉල්ලා සිටීමට රජය තීන්දු කර ඇතැයි ඇතැම් මාධ්‍ය වාර්තාවල දැක්විණ.
ජනාධිපති ධූරයට තේරී පත්වීමෙන් පසු, "මට ඡන්දය දුන් අය පමණක් නොව ඡන්දය ලබා නොදුන් සියලු දෙනාගේ ද, ආගම හෝ ජාතිය කුමක් වුවත් මම ඒ සෑම ශ්‍රී ලාංකිකයෙකුගේ ම ජනාධිපති වෙමි," යනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළේය.
"මෙතැන් සිට සැමට ගෞරවයෙන් හා අභිමානයෙන් යුතුව ජීවත් විය හැකි සාමකාමී රටක්" බිහි කරන බවට ද ඔහු ප්‍රතිඥා දුන්නේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
