Language Switcher

V2025

විදුලි අර්බුදය අත ළඟ : දැක්ම පැත්තක - පෞද්ගලික මිලදී ගැනීමට මුල්තැන !

ඇති වී තිබෙන විදුලි අර්බුදය හමුවේ මෙගා වොට් 300 ක විදුලි බල විදුලි ප්‍රමාණයක් මිලදී ගැනීම සඳහා විදෙස් සමාගම්වලින් මිල ගණන් කැඳවා ඇත.

ඒ අනුව විදුලි ඒකකයක් ජාතික විදුලි පද්ධතියට ලබාදිය හැකි මිල ගණන් හා ගිවිසුමට අදාළ කොන්දේසි ඉදිරිපත් කරන්නැයි දන්වා ඇත.

දැනට ඇති වී තිබෙන වියළි කාලගුණය අප්‍රේල් මාසය අවසන් වන තුරු පවතිනු ඇති බවත් එනිසා දිනෙන් දින විදුලි අර්බුදය උග්‍ර වනු ඇති බවත් ලංකා විදුලිබල මණ්ඩලය විසින් රජයට පෙන්වා දී තිබේ.

මේ වන විට සමස්ත විදුලි ඉල්ලුමෙන් ජල විදුලි නිෂ්පාදනය 25% ක් දක්වා පහත බැස ඇත.

මෙම තත්වය මත පෙබරවාරි මාසය අවසන් වන තෙක් හෝ අඛණ්ඩ විදුලි බලය ලබාදීම බරපතළ අභියෝගයක් වී ඇතැයිද වාර්තා වේ.

(සීනිව්ස්)