ඇති වී තිබෙන විදුලි අර්බුදය හමුවේ මෙගා වොට් 300 ක විදුලි බල විදුලි ප්‍රමාණයක් මිලදී ගැනීම සඳහා විදෙස් සමාගම්වලින් මිල ගණන් කැඳවා ඇත.
ඒ අනුව විදුලි ඒකකයක් ජාතික විදුලි පද්ධතියට ලබාදිය හැකි මිල ගණන් හා ගිවිසුමට අදාළ කොන්දේසි ඉදිරිපත් කරන්නැයි දන්වා ඇත.
දැනට ඇති වී තිබෙන වියළි කාලගුණය අප්‍රේල් මාසය අවසන් වන තුරු පවතිනු ඇති බවත් එනිසා දිනෙන් දින විදුලි අර්බුදය උග්‍ර වනු ඇති බවත් ලංකා විදුලිබල මණ්ඩලය විසින් රජයට පෙන්වා දී තිබේ.
මේ වන විට සමස්ත විදුලි ඉල්ලුමෙන් ජල විදුලි නිෂ්පාදනය 25% ක් දක්වා පහත බැස ඇත.
මෙම තත්වය මත පෙබරවාරි මාසය අවසන් වන තෙක් හෝ අඛණ්ඩ විදුලි බලය ලබාදීම බරපතළ අභියෝගයක් වී ඇතැයිද වාර්තා වේ.
(සීනිව්ස්)
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
