පොලිස් ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස්ධකාරී ඩී. ජයසිංහ මහතා විනය හා කල්ක්‍රියා කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස ස්ථානමරු කර තිබේ.
ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජේ.පී.ඩී ජයසිංහ මහතා විනය හා කල්ක්‍රියා කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා වශයෙන් පත්කර ඇති අතර, ඒ මහතාගේ හිස් වූ එම අධ්‍යක්ෂධූරයට වැඩ බැලීමට සහකාර පොලිස් අධිකාරි ඒ .ආර් .පී .ජේ අල්විස් මහතා පත්කර ඇති බව පොලිස් මූලස්ථානය කියයි.
ජාතික පොලිස් කොමිසන් සභාවේ අනුමැතිය පරිදි සේවයේ අවශ්‍යතාව මත වැඩබලන පොලිස්පතිවරයා මෙම ස්ථාන මාරුවීම් සිදුකර ඇති බවද පොලිස් මූලස්ථානය කියයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
