රාජ්‍ය ඖෂධ නීතීගත සංස්ථාවේ හිටපු සභාපතිවරයා වන රූමි මෙහොමඩ් වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගත්තේ කෙසේදැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (06) අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවෙන් කරුණු විමසුවාය. ඒ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කිසිදු පිළිතුරක් ලබා නුදුන්නේය.
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න හා පැවැත්වූ සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාවට සුදු වෑන් රියදුරන් ලෙස එක්වූ සැකකරුවන් දෙදෙනාට රුපියල් ලක්ෂ 20 ක් ලබා දුන්නැයි යයි පවසමින් රූමි මොහොමඩ් අත්අඩංගුවට ගෙන තිබු අතර අද නඩුව කැඳවු අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මහෙස්ත්‍රාත්වරිය මෙම කරුණු විමසුවාය.
සිද්ධිය සම්බන්ධ වැඩිදුර නඩු විභාගය අද දහවල් 1.00 තෙක් කල් තැබූ මහේස්ත්‍රාත්වරිය, අනතුරුව නඩුව යළි කැඳවමින් දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බලා, සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාවට සුදු වෑන් රියදුරන් ලෙස එක්වූ සැකකරුවන් දෙදෙනා හා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ්ද ඇප කොන්දේසි මත මුදාහරිනු ලැබීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
