MCC ගිවිසුම ගැන රජයේ ස්ථාවරය ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා වහාම රටට හෙළි කළ යුතුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.
සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද (12) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
එහිදී වැඩිදුරටත් ඔහු මෙසේද පැවැසීය.
ආණ්ඩුවේ සිටින පොඩි පොඩි ගෝල බාලයන් දමා MCC ගිවිසුම අත්සන් කරනවද නැද්ද යන ස්ථාවරය සම්බන්ධයෙන් පිළිතුරු සැපයීමෙන් ඵලක් නොවන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
රට දෙකට බෙදනවා, රට ඇමරිකාවේ කොලනියක් වෙනවා කියා MCC ගිවිසුම ගැන බිලලන් මවා බලයට පැමිණි වත්මන් ආණ්ඩුවේ ප්‍රධානීන් එම ගිවිසුම ගැන මුනිවත රැකීම පිළිබඳ විපක්ෂය පුදුම වන බවත් මුජිබර් රහුමාන් මහතා වැඩිදුරටත් පැවැසීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
