ඊයේ(06) පස්වරුවේ වෙඩි තැබීමක් සිදුකළ එස්. බී. දිසානායක මන්ත්‍රීවරයාගේ ආරක්ෂකයින් දෙදෙනා, ගිනිගත්හේන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මන්ත්‍රීවරයාගේ ආරක්ෂාවට සිටි ඇමති කොට්ඨාසයේ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකි.
එම නිලධාරීන් දෙදෙනා සමඟ වෙඩි තැබීම සිදුකළ පිස්තෝල දෙකක් සහ හිස් පතුරම් තුනක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් අද හැටන් මහේස්ත්‍රාත් අධිකරණයේදී හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීමට ද නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
ඊයේ රාත්‍රී 8.30ට පමණ එස්.බී. දිසානායක මන්ත්‍රීවරයා ගමන් ගත් රථයට බාධා කළ බව කියමින් මන්ත්‍රීවරයාගේ ආරක්ෂක නිලධාරීන් මෙම වෙඩි ප්‍රහාරය සිදුකර තිබේ. මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇත.
කෙසේවුවත් මේ රෝහල් ගතකල පිරිස් මාධ්‍ය හමුවේ සඳහන් කර ඇත්තේ තමන්ට වෙඩි තැබුවේ එස්.බී. දිසානායක මන්ත්‍රීවරයා බවයි.
එස්.බීගේ වෙඩිල්ලෙන් ගෝඨා ලකුණු හොයයි !
ගෝඨාභය ජනාධිපතිවූ දිනට පසුදින අපි ඇමතිවරු බව කියමින් පසුගියදා ප්‍රසිද්ධ වේදිකාවේ තම බල උමතුව ප්‍රදර්ශනය කළේද මේ එස්.බී දිසානායකය. එසේම මෙම වෙඩි ප්‍රහාරයත් තම මැතිවරණ ප්‍රචාරක කටයුතු වලට වාසියක් කර ගන්නට ගෝඨාභය රාජපක්ෂ කටයුතු කර තිබුණේ මේ ආකාරයටය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
