නෝර්වීජියානු තානාපති ට්‍රිනා යුරන්ලි එස්කෙඩල් ඔක්තෝබර් 17 සහ 18 යන දෙදින තුළ මහනුවර සංචාරයක නිරත වුවාය.
මීට වසර දහයකට පෙර නෝර්වීජියානු අරමුදල් සහිතව පිහිටුවන ලද ශ්‍රී ලංකා ජාත්‍යන්තර බෞද්ධ ඇකඩමියේ (SIBA) 7 වන උපාධි ප්‍රධානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස තානාපතිවරිය සහභාගී වුවාය.
මෙම සංචාරය අතරතුර ඇය දළදා මාලිගාව වැඳපුදා ගත් අතර මල්වතු සහ අස්ගිරි මහා නායක හිමිවරුදමහනුවර බිෂොප්තුමාද බැහැදුටුවාය. මීට අමතරව ඇය ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් සහ නගරාධිපති කේසර සේනානායක මහතාද, තරුණ මුස්ලිම් නියෝජිතයින්ද හමුවිය. තානාපතිතුමිය කැරිටාස් ශ්‍රී ලංකා ආයතනයෙන් තාක්ෂණික සහාය ලැබෙන ගලහා ප්‍රදේශයේ පිහිටි ගෙවතු ගණනාවකද සංචාරය කලාය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
