ඉදිරි ජනපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ ජනපති අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස නම්කරන ලෙස ඉල්ලමින් පැවැත්වෙන කළුතර දිස්ත්‍රික් රැළිය හෙට (25දා) පැවැත්වීමට නියමිතය.
මතුගම මහජන ක්‍රීඩාංගණයේදී පස්වරු 2.00ට මෙම රැළිය පැවැත්වීමට නියමිතය.
මතුගම එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක, හිටපු පළාත් සභා මන්ත්‍රී ජගත් පින්නගොඩ විතාන සංවිධානය කරයි.
මෙම රැළියට එක්සත් ජාතික පක්ෂයේ කබීර් හෂීම්, රංජිත් මද්දුම බණ්ඩාර, හරීන් ප්‍රනාන්දු, තලතා අතුකෝරාළ, චන්ද්‍රාණි බණ්ඩාර, ආචාර්ය හර්ෂද සිල්වා, අජිත් පී පෙරේරා, එරාන් වික්‍රමරත්න, සුජීව සේනසිංහ ඇතුළු පිරිසක් එක්වීමට නියමිතය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
