ඉදිරි ජනාධිපතිවරණයට ශි‍්‍ර ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් තරග කිරිමට සුදානම් බව පාර්ලිමේන්තු මන්ති‍්‍ර කුමාර වෙල්ගම පැවසිය .
මාතරදි පැවති උත්සවයකින් පසුව මාධ්‍ය අමතා මන්ත්‍රීවරයා මේ බව පැවසිය .
එහිදි අදහස් පළකල මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.
‘‘ මම කියන්නේ ඉදිරි ජනාධිපතිවරණයට ශි‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයෙක් දාන්න ඕන , එතකොට ශි‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ හයිය බලාගන්න පුළුවන් . ඒක තමයි මගේ මතය . ජනාධිපතිතුමා ජනාධිපතිවරණයට තරග කරනවනම් සහයෝගය දෙන්න සියලූ දෙනා සැදි පැහැදි ඉන්නවා . එතුමා තරග කරන්නෙ නැත්නම් පක්ෂයේ කෙනෙක් දාන්න ඕන . පක්ෂය වෙනුවෙන් ජනාධිපතිවරණයට මම ඉදිරිපත් වෙන්න සුදානම් .
පොදුජන පෙරමුණ එක්ක සාකච්ජා පවත්වලා තේරුමක් නැහැ . දැන් කොයි කාලේ ඉදන්ද සාකච්ජා පවත්වන්නේ මොකටද එක එකාට දණ නමන්නේ . මේක බණ්ඩාරනායක මහත්තයා හදපු පක්ෂය , කාටවත් දණ නමන්න ඕන නැහැ. අපිට කෙළින් තින්දුවක් ගන්න මිනිස්සු ඉන්නවා .
අපි අන්තපරාජය වුණත් ලක්ෂ 10ට වැඩිය අපිත් එක්ක හිටියා . ඇයි අපි බය වෙන්නේ . ඒ නිසා ශි‍්‍ර ලංකා නිදහස් පක්ෂය වෙනම තරග කල යුතුයි . මෛති‍්‍රපාල මහත්තයා තරග කරන්නෙ නැත්නම් ඉදිරි ජනාධිපතිවරණයට ශි‍්‍ර ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් මම තරග කරන්න සුදානම් ’’
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
