Image

චාමර සම්පත් දසනායක මන්ත්‍රිවරයාට පනවා තිබෙන විදේශ ගමන් තාවකාලිකව ඉවත් කරන්නැයි ඉල්ලීමක්

චාමර සම්පත් දසනායක මන්ත්‍රිවරයාට පනවා තිබෙන විදේශ ගමන් තාවකාලිකව ඉවත් කරන්නැයි ඉල්ලීමක්

දූෂණ චෝදනා එල්ල වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට පනවා තිබෙන විදේශ ගමන් තාවකාලිකව ඉවත් කරන ලෙස ඉල්ලා ඔහුගේ නීතිඥවරු විසින් ගොනු කර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසමේ ස්ථාවය ලබන 12 අධිකරණයට දැනුම් දෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම ඊයේ (5) අල්ලස් කොමිසමට නියෝග කළේ ය.



මෙම ඉල්ලීමට මෝසමක් ගොනු කිරීම මත අධිකරණය හමුවේ කැඳවනු ලැබී ය.

ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස සැකකාර මන්ත්‍රීවරයා වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවා දායකයට චීනයේ සංචාරය කිරීමට අවශ්‍ය වී තිබෙන බවත් ඒ අනුව අධිකරණය මගින් පනවා තිබෙන විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේ ය.

එම ඉල්ලීම සලකා බැලු මහේස්ත්‍රාත්වරයා මෙම මෝසම ලබන 12 වනදා යළි කැඳවන ලෙස නියෝග කළ අතර එදින මෙම ඉල්ලීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසමේ ස්ථාවරය ඉදිරිපත් කරන ලෙසත් නියෝග කළේ ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න