එජාප ජනාධිපති අපේක්ෂකයා තෝරන්න : නවීන්ගෙන් යෝජනාවක් !

 එජාප ජනාධිපති අපේක්ෂකයා තෝරන්න : නවීන්ගෙන් යෝජනාවක් !

එක්සත් ජාතික පක්ෂයේ අංක 01 හා 02 යන දෙදෙනාම අපේක්ෂකත්වය ඉල්ලා සිටින්නේ නම් රහස් ඡන්දයකට ගොස් බහුතර කැමැත්ත මත තීරණයක් ගත යුතු බවට එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක, වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක  යෝජනා කර සිටියි.

එහිදී අපේක්ෂකයා කවුරුන් වුවද ඔහු 'දිනිය හැකි' අපේක්ෂකයෙකු විය යුතු බව සඳහන් කරන ජාතික සංවිධායකවරයා, එසේම ඔහු එක්සත් ජාතික පක්ෂ සාමාජිකයෙකු විය යුතු බවද අමාත්‍යවරයා  අවධාරණය කරයි.

අංක 02ට පමණක් ජයග්‍රහණය කළ හැකි බවට ප්‍රකාශ සිදු කරන ඇතැමුන් අංක 01ට දිනීම අමාරු යැයි ඔප්පු කර පෙන්විය යුතු බවද ඔහු පවසයි.

“ඕනෑම පක්ෂයක හෝ සංවිධානයක 1 හා 2 එකතු වෙලා වැඩ කරන්න අවශ්‍යයි. ඒකයි මූලික නීතිය. ඒ දෙක එකතු වෙලා වැඩ කළේ නැත්නම් පුංචි මිනිස්සු දුක් විඳිනවා. 1 හා 2 සාකච්ඡා කරලා හොඳ තීරණයකට එන්න ඕනේ කියන එක ඒ නිසා අපි සාකච්ඡා කළා. මොකද අපේ එකමුතුකම තුළයි ජයග්‍රහණයක් කරා යන්න පුළුවන්.

අපට සංවිධානයක් වුණහම නිගමනවලට එන්න බැහැ එක දිනනවා දෙක දිනනවා කියලා.  සමහරු කියනවා දෙකට විතරයි ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා. ඉතිං අපි කියනවා සමීක්ෂණ දත්ත පෙන්වන්න කියලා. නමුත් පෙන්වන්නේ නෑ.  01ට දිනන්න අමාරු නම් අපට ඒක ඔප්පු කරන්න ඕනේ.

අපි පැහැදිලිවම දැනගන්න ඕන එකට දිනන්න බැහැ කියලා. එකට දිනන්න බැරි නම් එකම තීරණයක් ගන්න ඕනේ වෙන කෙනෙක් ඉදිරිපත් කරවන්න. කෙසේ වුණත් එකත් කියනවා නම් ඉල්ලන්න ඕනේ කියලා, දෙකත් ඒකම කියනවා නම් කෘත්‍යාධිකාරී මණ්ඩලයක් තියෙනවා.

ඔක්කොම 68ක් ඉන්නවා. අපි රහස් ඡන්දයකට ගිහිල්ලා බහුතරයේ කැමැත්ත මත තීරණයක් ගමු. එක හෝ දෙක හෝ වෙනත් කවුරුහරිත් එන්න ඉන්නවා නම් ඒකත් තීරණය කළ යුතුයි සාකච්ඡා කරලා වෙන අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නට. දිනන්න පුළුවන් අපේක්ෂයෙක්. හැබැයි අපි කියන්නේ එක්සත් ජාතික පක්ෂයේම සාමාජිකයෙක් වෙන්න ඕනේ කියලා. ඒකයි අපේ ඉල්ලීම” 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න