ගෝඨාබයගේ දිලිත් අනාගත බයක් ගැන කියයි !

ගෝඨාබයගේ දිලිත් අනාගත බයක් ගැන කියයි !

'පොහොට්ටු' පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂගේ සමීපතම මිතුරකු හා ඔහුගේ දේශපාලන න්‍යයචාර්යවරයා වන ප්‍රකට ව්‍යාපාරික දිලිත් ජයවීර,'දුකක් නැතුව බයක් නැතුව ජිවත් වීම' සම්බන්ධයෙන් සිය FB පිටුවේ සටහනක් තබා ඇත.

ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයකුව සිටිය දී ගෝඨාබය කළ කී දෑ සම්බන්ධයෙන් සමාජය තුල බියක් මුල්බැස තිබිය දී, දිලිත් සිය FB පිටුවේ ''බය ඇතිවෙන්නේ අනාගතයේ ඇති වෙන්න යන දෙයක් ගැන'' යයි කළ සටහන දේශපාලනික වශයෙන් වැදගත් වේ. එහෙයින් ඔහුගේ FB සටහන කිසිඳු සංශෝධනයකින් තොරව පහත පළකර ඇත.

නිවන :

ඇයි මම නිවන් දකින්න ඕන ? සරලව ගත්තොත් නිවන් දකින්න ඕන දුකක් නැතුව බයක් නැතුව ජිවත් වෙන්න ඕනෑ නිසා. ඊට වඩා වැඩි දෙයක් අවශ්‍ය නැහැ .

දුක ඇතිවෙන්නේ අනාගතයට හෝ වර්තමානයට බලපාන කාරණයකට. බය ඇතිවෙන්නේ අනාගතයේ ඇති වෙන්න යන දෙයක් ගැන.

මමත්වය නැත්නම් අතීතය ගැන දුකක් නැහැ. අනාගත ගැන බයකුත් නැහැ. ''

Deelith Jaweera 2019.09ගෙවුණු අතීතයෙ අඩුපාඩු කම් ගැන නොතැවෙන්නැයි කියමින් ද දිලිත් ජයවීර සිය FB පිටුවේ මෙවැනි සටහනක් ද පළකර ඇත.

අතීතං නානු සෝචන්ති-ගෙවුණු අතීතයෙ අඩුපාඩු කම් ගැන නොතැවිමින්.
නප්පජප්පන්ති නාගතං-නොආපු අනාගතයක් ගැන නොතැවිමින්.
පච්චුප්පන්නේන යාපෙන්ති-වර්තමානයේ (මේ මොහොතේ) සතුටින් හිදිමින් අනාගතය සැලසුම් කරයි නම්,
තේණ වන්ණො පසීදති -ඔහුට ඉතා සුන්දර ජීවිතයක් ගතකල හැක.

Screen Shot 2019 09 07 at 9.09.36 AM

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න