පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහාය දැක්වීමට නම් පොදුජන පෙරමුණේ ලකුණ වන පොහොට්ටුව ලකුණ වෙනුවට වෙනත් පොදු ලකුණක් තෝරාගත යුතු බව ශ්‍රිලනිප මහලේකම් දයාසිරි ජයසේකර පැවසීය.
සාමාන්‍යෙයන් ප්‍රධාන පක්ෂ දෙකක් අතර සන්ධාන ඇති කර ගැනීමේදී එක් පක්ෂයක සලකුණෙන් මැතිවරණයට ඉදිරිපත් වීම සිදු නොවන බව ඔහු පෙන්වා දුන්නේය. ඒ නිසා බුලත් කොළය, පුටුව වැනි දැනට පවතින සන්ධාන ලකුණක් හෝ නව ලකුණක් යටතේ තරග කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකග විය යුතු බව ඔහු කීය.
එම කරුණට හා ප්‍රතිපත්තිමය කාරණා කිහිපයකට එකග වන්නේ නම් ගෝඨාභය රාජපක්ෂට සහාය දැක්වීම කළ හැකි බව ඔහු පැවසීය. කෙසේ වෙතත් දැනට පවතින සාකච්ඡාවල ප්‍රගතිය ගැන අදහස් දක්වමින් ඔහු කීවේ තවමත් ඉහත කී එකගතා ඇති කර ගැනීමට නොහැකි වූ බවය.
අනිද්දා
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
