2019 ඡන්ද හිමි නාමලේඛනයේ තමන්ගේ නම ඇතුළත් වී ඇත්ද යන්න සම්බන්ධයෙන් සොයා බලන ලෙස මැතිවරණ කොමිෂන් සභාව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
තම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයාගේ මාර්ගයෙන් හෝ මැතිවරණ කොමිසමේ වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් ඒ පිළිබඳ දැනගත හැකි බව එම කොමිසම සඳහන් කළේය.
ඡන්ද හිමි නාම ලේඛනයට නම ඇතුළත් නොමැති පුද්ගලයෙකු සිටීනම් ලබන 19 වනදාට පෙර ඒ පිළිබඳ මැතිවරණ කොමිෂන් සභාව දැනුවත් කිරිමේ හැකියාව පවතියි.
එම නිසා ඒ පිළිබඳ සොයා බලා තම නම 2019 ඡන්ද හිමි නාම ලේඛනයට ඇතුළත් කර නොමැති පුද්ගලයින් අදාල දිනට ප්‍රථම ඒ බව දැනුවත් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
ජන්ද හිමි ලියාපදිංචි විස්තර - කෙටුම්පත අන්තර්ජාලය ඔස්සේ ඔබේ ලියාපදිංචිය පරීක්ෂාකර බලන්න.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
