ඇවන්ට්ගාඩ් නඩුවේ සැකකරුවන් යළි රිමාන්ඩ්

ඇවන්ට්ගාඩ් නඩුවේ සැකකරුවන් යළි රිමාන්ඩ්

ගාල්ල වරාය ආසන්න මුහුදේ ඇවන්ට්ගාඩ් නෞකාවේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාම සම්බන්ධ නඩුවේ සැකකරුවන් සිව් දෙනෙකු තවදුරටත් 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (6) නියෝග කළේය.

මෙසේ තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ 4 වන සැකකාර රක්නා ලංකා සමාගමේ සභාපති වික්ටර් සමරවීර, 5 වන සැකකාර විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත වඩුගේ පියසිරි ප්‍රනාන්දු, 6 වන සැකකාර විශ්‍රාමික මේජර් ජනරාල් කරුණාරත්න බණ්ඩා අධිකාරි එගොඩවෙල, 7 වන සැකකාර පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක යන සැකකරුවෝ සිව් දෙනා වෙති.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් කියා සිටියේ මේ සම්බන්ධ නඩුව විභාග කිරිම සඳහා අගවිනිසුරු විසින් ත්‍රිපුද්ගල මහාධිකරණයක් නම් කර ඇති අතර සැකකරුවන්ට එරෙහිව අධි චෝදනා ද ගොනු කර ඇති බවයි.

මෙහිදි 5, 6, 7 වන සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නිතිඥවරුන් තම සේවා දායකයින්ට ජයවර්ධනපුර රෝහලේම ප්‍රතිකාර ලබා ගැනිමට අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.

එහිදී ඒ සම්බන්ධයෙන් නිසි පියවර ගැනීමට මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

නීතිවිරෝධි ගිනිඅවි ප්‍රවාහනය කරමින් සිටියදී ගාල්ල වරාය ආසන්නයේ දී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2015 ඔක්තෝබර් 13 වැනිදා ඇවන්ට්ගාඩ් නෞකාව අත්අඩංගුවට ගෙන වැඩිදුර පරික්ෂණ සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට බාර දෙන ලදී.

ඒ අනුව කරන ලද පරික්ෂණවලදී නැවේ තිබී ටී 56 ගිනි අවි 549ක් ,84 එස්. වර්ගයේ ගිනි අවි 264ක්, එල්.එම්.ජී.ගිනි අවි දෙකක්, උණ්ඩ 204,604ක් සොයාගෙන ඇත.

සැකකරුවන් වෙනුවෙන්,නිතිඥ ශ්‍රිමාල් විජේසේකර , අජිත් පතිරණ ,හරිත් හෙට්ටිආරච්චි යන මහත්වරු ඇතුළු නිතිඥවරු පිරිසක් පෙනී සිටි අතර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරික්ෂක සෙනරත් මහතා විසින් පැමිණිල්ල වෙනුවෙන් කරුණු දක්වන ලදී.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න