වෙල්ගම ජනපති හා වෙනම සාකච්ඡාවක්

වෙල්ගම ජනපති හා වෙනම සාකච්ඡාවක්

තමන් ජනාධිපතිවරයාව තනිවම හමුවී, ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රීලනිපය වෙනම තරඟ කළ යුතුය යන සිය මතය පැහැදිළිව ප්‍රකාශ කළ බව, එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම රාවයට පැවසීය.

පොජපෙ (පොහොට්ටුව) සමග ගියහොත් ශ්‍රීලනිපයට ජනාධිපති ධූරය, අගමැති ධූරය පමණක් නොව පක්ෂය පවා අහිමිවන බව ප්‍රකාශ කළ ඔහු එජාපයට සහයෝගය ලබා දිය නොහැකි බවද සඳහන් කළේය.

පොහොට්ටුව පවුලේ පක්ෂයක් බවද මහින්ද රාජපක්ෂ මහතාගෙන් පසු ඔහුගේ දරුවන් තුන්දෙනාද, චමල් රාජපක්ෂ හා ඔහුගේ පුතාද ගෝඨාභය හා බැසිල්ද ඉක්මවා එම පක්ෂයේ ස්ථානයක් වෙනත් අයෙකුට ලබාගත නොහැකි බවද වෙල්ගම මන්ත්‍රීවරයා පැවසීය.

එහෙත් ශ්‍රීලනිපය එසේ නොවන බවද, රට පිළිගන්නා, සාධාරණය ඉටු කරන ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙකු ශ්‍රීලනිපයෙන් ඉදිරිපත් කළ යුතු බව ඔහු වැඩිදුරටත් කීය. ශ්‍රීලනිපය ජනාධිපති අපේක්ෂක ධූරයට සූදානම් දැයි විමසීමේදී මන්ත්‍රීවරයා පැවසුවේ සමස්ත රටේ ම ප්‍රසාදය තමන්ට හිමිව ඇති බවය. සජිත් ප්‍රේමදාස පාර්ශවය එජාපයෙන් වෙනම ඡන්දයකට ඉදිරිපත් වුවහොත් ඔවුන් හා සන්ධානගත වන්නේ දැයි විමසූ විට, 'එය ඒ අවස්ථාවට බලමු' යැයි ඔහුගේ පිළිතුර විය.

රාවය

කෝසල කුරුවිට බණ්ඩාර

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න