ශ්‍රී ලංකාවේ මේ වන විට ඇති අර්බුද දෙස බැලූ විට රට ඉතාම කෙටි කාලයකින් බලාපොරොත්තු නොවූ අගාධයකට වැටෙන බව ජනපති සිරිසේන පැවැසීය.
ජනාධිපති සිරිසේන මේ බව ප්‍රකාශ කළේ ඊයේ (04) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂගේ “පන්හිඳක විප්ලවය” උත්සවයට එක් වෙමිනි.
විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින් රචනා කරන ලද “රාජ්‍ය පාලනයේ විකාශනය සහ ශ්‍රී ලංකාවේ අනාගතය”, “අවනඩුව” සහ “අතුරුදන් අපේක්ෂකයාගේ අභිරහස” ග්‍රන්ථ ත්‍රිත්වය සහ “පෙම් පවුර” සහ “සියුමැලි මල” සංයුක්ත තැටි ද්විත්වය එළිදැක්වීම වෙනුවෙන් මෙම උත්සවය පැවැත්විණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති සිරිසේන මෙසේද පැවසීය.
“සියලු අර්බුදවල කථාව ලොකු කතාවක්. මේ රටේ පොදුවේ රටට ආදරය කරන දේශාපාඥයින්ගෙන් ජනතාවගෙත් වගකීමක් වෙනවා මේ අර්බුද වහ වහා විසඳා ගැනීම.
එහෙම විසඳා නොගත්තොත් දේශපාල අර්බුද, සමාජ අර්බුද ඒ සියල්ලත් සමග අපි ඉතාම කෙටි කාලයකින් අපි බලාපොරොත්තු නොවූ අගාධයකට වැටෙනවා.
සෑම දෙනාම රට ගැන කඩිනමින් ඉකිමනින් තීන්දු තිරණ අරගෙන රටත් ජනතාවත් බේරා ගැනිමට ඉක්මනින් කටයුතු කළ යුතු අවස්ථාවකුයි එළැඹී තිබෙන්නේ.”

