ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඊයේ (04) එක්දින සංකේත වැඩ වර්ජනයක් දියත් කෙරුණ අතර ඒ ආශ්‍රිත අවාසනාවන්ත පුවතක් වාර්තා වෙයි.
ලෙඩ නිවාඩු දමා රටපුරා 30000 ක් පමණ විධායක නිලධාරීහු මෙම වැඩ වර්ජනයට එක්වූ අතර දෙදහසක් පමණ දෙනා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඉදිරියට රැස්වී පැය හතරක් තිස්සේ විරෝධතාවයේ නිරතවිය .
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ තක්සේරු නිලධාරීන්ගේ සංගමය , දේශීය ආදායම් සේවා සංගමය , ඉංජිනේරු සංගමය, අධ්‍යාපන පරිපාලන සංගමය,මිනින්දොරු සංගමය ඇතුළු වෘත්තිය සමිති 17 ක නියෝජිතයෝ මේ සඳහා සහභාගි වූහ.
ලෙඩ නිවාඩු දමා විරෝධතාවට නොගිහින් කොහේද ගියේ ?
කෙසේ වුවත් අවාසනාවන්ත පුවත වාර්තා වන්නේ මෙසේය.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් වැඩවර්ජනය කර විරෝධතාව සඳහා සහභාගී වීමට කියා ලෙඩ නිවාඩු දැමූ පිරිස අතර තක්සේරු නිලධාරීන්ගේ සංගමයේ සභාපති ඇතුළු පිරිසක් ද විය.
එහෙත් ඔවුන් ඊට සහභාගී නොවී බෙන්තොට වෙරලේ මන්පැන් පානය කරන්නට ගොස් ඇති අතර එහිදී කළමනාකරණ සහකාර ශ්‍රේනියේ සේවය කරන ජීවන් අනුර දයානන්ද (34) නැමැති අය මියගොස් ඇත.
ඔහු අඹේපුස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඔහුගේ දේහය මේ වන විට බලපිටිය රෝහලේ මෘතශරීරාගාරයේ තබා ඇති බවත් වාර්තා වෙයි.
මේ මරනය සම්බන්ධව වැඩිදුරටත් විමර්ශන සිදුවන බවත් වාර්තා වෙයි.
ප්‍රශ්නය ඇත්තේ කොතනද ?
මිනිසුන්ට කාබී විනෝද වීමට නිදහසක් ඇති අතර අප ඊට ගරු කරන්නෙමු. නමුත් වෘත්තීය සමිති නායකයන් කියා ගන්නා පිරිස් බොහෝවිට මාධ්‍ය හමුවේ මාර වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටින බවක් පෙන්වා සිදුකරන්නේ ඊට හාත්පසින් වෙනස් වූ වෘත්තීය ජීවිතයට කැළලක් වන ආකාරයේ වැඩ බව තේරුම් ගැනීමට මේ සිදුවීම සාක්ෂි දරයි.
අප ආරංචි මාර්ග සදහන් කරන ආකාරයට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ තක්සේරු නිලධාරීන්ගේ සංගමයේ සභාපති ඇතුළු පිරිසක් මේ අවාසනාවන්ත සිදුවීමේ සංවිධානය කර ඊට සහභාගීව තිබේ.
ඔවුන් ඒ සිදුකර ඇත්තේ වෘත්තීය අයිතිවාසිකම් මුවාවෙන් ලෙඩ නිවාඩු දමා මිසක් සාමාන්‍ය නිවාඩු අනුමත කරගැනීමක් හරහා නොවේය.
කණගාටුව නම් මෙවැනි තුට්ටු දෙකේ වෘත්තීය සමිති නායකයන්ගේ දෙබිඩි ජීවිත නිසා නොසිතූ දිනක අවාසනාවන්ත ලෙස අයෙකුට ජීවිතය අහිමිවීමය. අනෙක් අතට මේ තක්කඩි වෘත්තීය සමිති නායකයන් හදුනාගන්න ජීවිතයක් බිළිවන තුරුම නොහැකි වීමය.

