ජනාධිපතිධූර අපේක්ෂකත්වය සඳහා ගෝඨාභය රාජපක්ෂ නුසුදුසු බවට තමන් පෙර චෝදනා කිරිම සම්බන්ධව වරද පිළිගන්නා බවට එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පවසයි.
වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ විපක්ෂනායක කාර්යාලයේදී අද (04) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.
ගෝඨාභය රාජපක්ෂ සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව තමන් ඔහු පිළිබඳ සත්‍ය තේරුම් ගත් බවත් ඒ අනුව කරුණු නිසි ලෙස නොදැන ඔහු සම්බන්ධයෙන් එලෙස ප්‍රකාශ කිරීම වරදක් බව තේරුම් ගත් බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා සිටියේය.
වාසූ වැඩි ආයුෂ වෙනුවෙන් කියපු කතාවක් !
මේ අතර දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකත්වය ලැබීමත් සමග ඔහුගේ ඉතිහාසය මතක බැවින් වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා සිටින බවක් පෙන්නු කරන බවයි.
එදා රාජපක්ෂ රෙජීම පාලන සමයේ ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කරන විට ඔහුට කිසියම් හෝ ආකාරයකට විරෝධයක් දැක්වූවන් නොයිවසූ බවත් ඒ සියළු දෙනා එක්කෝ අතුරුදහන් නැත්නම් ඝාතනය වූ බවත් ඔවුන් සිහිපත් කරයි.
ඒ අනුව වාසුදේව මන්ත්‍රීවරයා මේ අදහස් දක්වන්නේ ගෝඨා අමනාප කරගතහොත් ආයුෂ කෙටි වීමේ අවධානමෙන් මිදීමට විය හැකි බවත් ඔවුන් වැඩිදුරටත් අදහස් දැක්වීය.

