අර්ජුන අයියට සහය දෙන්න : රුවන් මල්ලී තීන්දුව අරගෙන !

අර්ජුන අයියට සහය දෙන්න : රුවන් මල්ලී තීන්දුව අරගෙන !

තම වැඩිමහල් සහෝදරයා වන අර්ජුන රණතුංග ඇමතිවරයාගේ දේශපාලන ගමනට උදව් කිරීමට තීරණය කළ බව ශ්‍රී.ල.නි.ප. මිනුවන්ගොඩ හිටපු සංවිධායක හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් රණතුංග පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය වමට සිග්නල් දමා දකුණට ගමන් කරමින් සිටින බවත්, එම පක්‍ෂයට ප්‍රතිපත්තියක් නොමැති තත්ත්වයක් නිර්මාණය වී තිබෙන බවත් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ඒ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක්වූ රුවන් රණතුංග වැඩිදුරටත් මෙසේද පැවසීය.

“අපි හිටියේ ප්‍රතිපත්ති දේශපාලනයක. අපි පක්‍ෂයත් එක්ක, බණ්ඩාරනායක ප්‍රතිපත්ති එක්ක හිටියේ. ජනාධිපතිවරයා වරක් එක්සත් ජාතික පක්‍ෂය එක්ක සිටිනවා. වරක් මහින්ද රාජපක්‍ෂ එක්ක සිටිනවා. දේශපාලන කරද්දී ප්‍රතිපත්තියක් තියෙන්න ඕන. අර්ජුන අයියා ප්‍රතිපත්ති දේශපාලනයක යෙදෙන බව පේනවා. ඔහුත් පක්‍ෂ දේශපාලනය ප්‍රතික්‍ෂේප කරනවා.

අපට ඕන රට හදන දේශපාලනයක්. ඒ නිසා මම අයියාට අපේ වැඩසටහනකට එන්න කිව්වා. අපේ ජනතාවට සේවය කරන්න එයා ඉන්නේ. දින 56 පෙරලියත් එක්ක මම ශ්‍රී.ල.නි.ප.යේ වැඩවලින් ඈත් වුණා. මහින්ද හොරා කියමින් බලයට ඇවිල්ලා නැවත ඒ අයත් එක්ක එතුවෙද්දි අපි කොහොමද දේශපාලනය කරන්නේ. අපට රනිල් වික්‍රමසිංහ එක්ක කිසිම ගැටලුවක් නැහැ.

පැරණි හොරා නැවත ගේනවද කියන එක අපට ගැටලුවක්. එම නිසා මම එම වැඩපිළිවෙළින් අයින් වුණා. මම පක්‍ෂයේ කිසිම දේකට සම්බන්ධ වෙන්නේ නෑ. අපි හරි දේශපාලනයක් කරන්නේ නැත්නම් වැඩක් නෑ, රටට සේවයක් සිදුවන්නේ නෑ"

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න