බැඳුම්කර ගනුදෙනුවට පමණක් : ජනාධිපතිට යුක්තිය සිහිපත් වෙයි !

බැඳුම්කර ගනුදෙනුවට පමණක් : ජනාධිපතිට යුක්තිය සිහිපත් වෙයි !

බැඳුම්කර චෝදනා සම්බන්ධ පරික්ෂණ කටයුතු කඩිනම් කරන ලෙස ජනාධිපති සිරිසේන අදාළ අංශවලට උපදෙස් දී ඇති බව වාර්තා වෙයි.

ඉතා කඩිනමින් අදාළ පරික්ෂණ කටයුතු ඉදිරියට කි‍්‍රයාත්මක කර වැරදිකරුවන්ට එරෙහිව පියවර ගන්නා ලෙස වැඩිදුරටත් උපදෙස් දුන් ජනාධිපතිතුමා කියාසිටියේ පරීක්ෂණ පමාවීම යුක්තිය ඉටුවීමට බාධාවක් බව සදහන් කර ඇති බවත් වාර්තා වෙයි.

බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ විමර්ශන සභාවේ සාමාජිකයන් ඇතුළු නිලධාරින් සමඟ අද (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ජාවකදි ජනාධිපතිතුමා මේ බව පවසා ඇත.

මේ වනවිට අන්තර්කාලීන වාර්තා 04 ක් ලැබී තිබෙන බවත්, මෙම දෙසැම්බර් මාසය වනවිට ඉතිරි වාර්තා ද ඉදිරිපත් කළ හැකි බවත් මෙහිදී අනාවරණය කෙරිණි.

මුදල් විශුද්ධිකරණය සම්බන්ධව බැංකුවලින් වසර 05ක ලේඛන ඉල්ලා සිටියද තවමත් එම වාර්තා ලැබි නොමැති බැවින් පරික්ෂණ කටයුතු ඉදිරියට සිදුකිරීමේදී අපහසුතාවයක් මතුව තිබෙන බවද නිලධාරිහු පෙන්වා දුන්හ.

මෙම වංචාවට අදාළ චූදිතයන්ට දණ්ඩ නීති සංග‍්‍රහය යටතේ අපරාධමය වරදක් ලෙස චෝදනා ඉදිරිපත් කර තිබෙන බව නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

අදාළ සාක්ෂි දිවුරුම් ප‍්‍රකාශ මගින් මෙම දෙසැම්බර් මාසයට පෙර ඉදිරිපත් කරන බවද සඳහන් කෙරිණි.

මෙම පරික්ෂණ කටයුතු කඩිනම් කිරීම වෙනුවෙන් තම පාර්ශ්වයෙන් ලැබිය යුතු සෑම සහයක්ම ලබාදෙන බව ජනාධිපති මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

ජනාධිපති සිරිසේන කියන යුක්තිය මොකක්ද ?

ජනාධිපති සිරිසේනට යුක්තිය ඉටුවීමේ පමාව ගැන දැනෙන්නට ගෙන ඇත. ඒ පසුබිමේ අපට මෙසේ කියන්න සිදුව ඇත. ජනාධිපති සිරිසේන , යුක්තියට ඇත්තේ විශ්වීය අර්ථයක්ය. ඒ හැර යුක්තිය යන්න අරුත් ගැන්වෙන්නේ ඔබේ බල දේශපාලන න්‍යාය පත්‍රය අනූව නම් ඊට කියන්නේ යුක්තිය නොවේ. කරුණාකර ඊට වෙන වචනයක් හොයාගන්න.

මන්ද සිරිලිය ගිනුම සම්බන්ධ විමර්ශනයේ සිට කප්පම් ගැනීම වෙනුවෙන් පැහැරගෙන අතුරුදහන් කරදැමුණු තරුණයන් 11 දෙනාගේ නඩුව දක්වා වූ සියළු වින්දිතයන් පතා සිටින යුක්තිය යන්න ඔබ නොදන්නා බව පසුගිය භාවිතය තුළ ඔප්පු කර ඇති නිසාය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න