සිරිසේන ගෙවන්න ගිය මහින්දගේ බිලියන 4.4 ක බිල : භාණ්ඩාගාරය ප්‍රතික්ෂේප කරයි !

සිරිසේන ගෙවන්න ගිය මහින්දගේ බිලියන 4.4 ක බිල : භාණ්ඩාගාරය ප්‍රතික්ෂේප කරයි !

මහින්ද රාජපක්ෂ වසර 10ක පාලන සමයට අදාලව ගෙවීමට ඇති රුපියල් බිලියන 4.4ක බිල් ගෙවීම මහා භාණ්ඩාගාරය විසින් ප්‍රතික්ෂේප කර ඇති අතර ඒවා රාජ්‍ය මුදල්වලින් ගෙවිය නොහැකි බවට ප්‍රකාශ කර ඇති බව වාර්තා වෙයි.

අදාල කැබිනට් පත්‍රිකාව ජනාධිපති සිරිසේන විසින් පසුගිය අවස්ථාවක ඉදිරිපත්කර ඇති අතර එහිදී කැබිනට් මණ්ඩලය එය අනුමත කිරීමට පෙර මුදල් අමාත්‍යංශයේ උපදෙස් ලබාගැනීමට තීරණය කර ඇත.

ඒ අනුව භාණ්ඩාගාරය කැබිනට් මණ්ඩලයට දන්වා ඇත්තේ වත්මන් මූල්‍ය රෙගුලාසි අනුව එලෙස ගෙවිය හැක්කේ 2015ට පසු වියදම් සඳහා බිල්පත් පමණක් බවයි. භාණ්ඩාගාරයේ මෙම තීරණය ජනාධිපති ලේකම් වෙත යැවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

ජනාධිපතිවරයා මෙලෙස රාජ්‍ය මුදල්වලින් ගෙවන ලෙස ඉල්ලා ඇති ඇතැම් බිල්පත් 2006 තරම් ඈත කාලයේ ඒවාය. තවත් බිල්පත් කොටසක් ගෙවීමට නොහැකි වී ඇත්තේ ප්‍රසම්පාදන ක්‍රමවේද හෝ ටෙන්ඩර් පටිපාටි අනුගමනය නොකිරීම නිසාය. ඇතැම් බිල්පත් සඳහා කිසිඳු හේතුවක් දක්වා නොමැත.

ගෙවීමට ඇති බිල්පත් අතරින් රුපියල් මිලියන 112ක් ගෙවීමට ඇත්තේ වර්ල්ඩ් එයාර් පෞද්ගලික සමාගමටය. රුපියල් මිලියන 71.9ක් වූඩ්ස්ටෝක් පෞද්ගලික සමාගමටද රුපියල් මිලියන 70ක් මාගා ඉංජිනියරින් සමාගමටද රුපියල් මිලියන 24.7ක් අබාන්ස් සමාගමටද ආදී වශයෙන් වේ. එයට අමතරව රේගු ගාස්තු රුපියල් බිලියන 02ක් ගෙවීමට ඇත. මෙහි දැක්වෙන වර්ල්ඩ් එයාර් සමාගම ලොහාන් රත්වත්තේට අයත් සමාගමක් වේ.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න