එස්.බී - ඩිලාන් ශ්‍රිලනිප තනතුරුවලින් ඉවත් කරයි : විනය පියවර ගැනීමටත් සූදානම් !

එස්.බී - ඩිලාන් ශ්‍රිලනිප තනතුරුවලින් ඉවත් කරයි : විනය පියවර ගැනීමටත් සූදානම් !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක සහ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා එම ධූරවලින් ඉවත් කිරීමට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව කටයුතු කර ඇත.

ඊයේ (26) රාත්‍රියේ ජනාධිපති සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවති ශ්‍රිලනිප විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී මේ තීන්දුව ගෙන ඇත.

ඒ අනූව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව භාණ්ඩාගාරික ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න පත්කර ඇති අතර නව මාධ්‍ය ප්‍රකාශක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක පත්කර තිබේ.

මේ ආකාරයට එස්.බී. දිසානායක සහ ඩිලාන් පෙරේරා යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අදාල තනතුරු වලින් ඉවත් කිරීමට තීන්දු කර ඇත්තේ ඔවුන් දිගින් දිගටම පක්ෂ විනය කඩමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග ප්‍රසිද්ධියේ කටයුතු කිරීම නිසා බවත් වාර්තා වෙයි.

එසේම පක්ෂ විනය කඩන මන්ත්‍රීවරුන් සම්බන්ධව දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමටද මෙහිදී තීන්දු කර ඇති බවත් වාර්තා වෙයි.

මෙහිදී එළැඹෙන ජනාධිපතිවරණය සම්බන්ධව ද සාකච්ඡා වී ඇතත් ඒ ගැන තීන්දුවක් ගැනීමට මේ වෙලාව නොවන බවත් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමෙන් පසුව ඒ සම්බන්ධව තීන්දුවක් ගැනීමට ජනාධිපති සිරිසේන යෝජනා කර ඇති අතර මධ්‍යම කාරක සභාව ඒ අනුමත කළ බවත් දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න