ටර්මිනේටර් නන්දසේන : මාධ්‍ය වෙතින් සමාව ගැනීම ප්‍රතික්ෂේප කරයි !

ටර්මිනේටර් නන්දසේන : මාධ්‍ය වෙතින් සමාව ගැනීම ප්‍රතික්ෂේප කරයි !

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ තරුණ සම්මේලනයේදී මාධ්‍යවේදීන්ට සිදුවූ අපහසුතාවය ගැන සමාව ඉල්ලා සිටිය යුතු බවට පොදුජන පෙරමුණ නියෝජනය කරන එක්බද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් නන්දසේන රාජපක්ෂ වෙත යෝජනා කර ඇතත් ඔහු ඊට කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බව වාර්තා වෙයි.

එහිදී මන්ත්‍රීවරුන් යෝජනා කර ඇත්තේ සිදුවූ අපහසුතාව සම්බන්ධව කණගාටුව ප්‍රකාශ කිරීම හරහා නන්දසේන රාජපක්ෂ සහ මාධ්‍ය අතර ඇති කළු චිත්‍රය වෙනස් කිරීමට අවස්ථාව ලබාගත හැකි බවය.

කෙසේ වුවත් නන්දසේන රාජපක්ෂ ඊට යහපත් ප්‍රතිචාරයක් නොදැක්වීම හේතුවෙන් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිපදෙනකු මාධ්‍යවේදීන් වෙතින් සමාව ගැනීමට තීරණය කර ඇත.

කිසිදු නිදහසට කරුණු දැක්වීමක් නොකර මාධ්‍යවේදීන්ගෙන් පක්‍ෂයක් ලෙස සමාව ඉල්ලා සිටින බව පවසමින් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ පොදුජන පෙරමුණ පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් සදහන් කර ඇත්තේ ඒ අනූවය.

ඉදිරියේදී පැවැත්වෙන සියළු පොදු කටයුතුවලදී මාධ්‍ය සම්බන්ධීකරණ ගැන වැඩි අවධානයක් යොමු කරන බවද ඔහු සදහන් කලේය.

මෙම සිදුවීම ගැන පොදුජන පෙරමුණේ මාධ්‍ය අංශය විසින්ද නිවේදනයක් නිකුත් කරමින් සමාව ඉල්ලා ඇත.

ටර්මිනේටර් පැහැදිලියි !

කෙසේ වුවත් සමාජ මාධ්‍ය ජාල තුළ මෙන්ම දේශපාලන විචාරකයන් මේ සම්බන්ධව දැඩි අවධානයක් යොමුකර තිබේ. ඔවුන් පෙන්වා දෙන ආකාරයට බැසිල් රාජපක්ෂ විසින් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ලෙස හිටපු තම සහෝදරයා වූ නන්දසේන රාජපක්ෂ ව ටර්මිනේටර් ලෙස හැඳින්වීම ඉතා නිවැරැදි බවය.

හදිසි කෝපය සහ පාලනය කරගත නොහැකි ආවේග තවමත් නන්දසේන රාජපක්ෂ වෙතින් ප්‍රකාශ වන බවත් එබැවින් ජනාධිපති අපේක්ෂකයා වූ නන්දසේන සහ ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් වූ නන්දසේන අතර වෙනසක් නොමැති බවත් ඔවුන් පෙන්වා දෙයි.

එවැනි අයෙකු රටේ පාලනය බාරදීමට තරම් ජනතාව මුග්ධ නම් එහි ප්‍රතිඵල ලැබීමට ඔවුන් සූදානම් විය යුතු බවටත් දේශපාලන විචාරකයන් අනතුරු හඟවයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න