එජාප අපේක්ෂකයා නම් කිරීම සති දෙකක් තුළ - කිරිඇල්ල

එජාප අපේක්ෂකයා නම් කිරීම සති දෙකක් තුළ - කිරිඇල්ල

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව සන්ධානයේ ජනාධිපති අපේක්ෂකවරයා ඉදිරි දෙසතිය තුළ එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස්වි තෝරා පත් කර ජනතාව වෙත ඉදිරිපත් කරන බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන සහ කන්ද උඩරට උරුමයන් පිළිබඳ අමාත්‍ය අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල පැවසීය.

මහනුවර අංකුඹුර ප්‍රදේශයේ පැවැති උත්සවයකින් අනතුරුම මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා තෝරන්නේ කෘත්‍යාධිකාරි මණ්ඩලයෙන් . මං මේ ගැන කිපවතාවක්ම කිව්වා. අපේ පක්ෂයේ ක්‍රමයක් තියෙනවා. කලින් අවස්ථාවලත් අපේක්ෂකයා තේරුවේ කෘත්‍යාධිකාරි මණ්ඩලයෙන්. ඉදිරි සති දෙක ඇතුලත අපි කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස් කරලා අපි අපේ අපේක්ෂකයා තෝරනවා. ඒ අපේක්ෂකයා ජයග්‍රහණය කරවන්න අපි සියලු දෙනා වැඩ කරනවා.

අපේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ බොහෝ බුද්ධිමත් උගත් පිරිස් ඉන්නේ. නිවරැදි තීරණයක් ගනී කවුරුවත් බය වෙන්න ඕන නෑ. ජනතාවගේ ඉල්ලීම් සැලකිල්ලට භාජනය කර ගෙන තීරණයක් ගනියි. අපි මේක දිනන්න නම් අපි හොඳ සන්ධානයක් හදන්න ඕන .සියලු ජාතීන් සියලු පක්ෂ නියෝජනය වන සන්ධානයක් හදන්න ඕන. කවුරු අපේක්ෂකයා වුණත් සන්ධානයක් නැතිව දිනන්නපුළුවන්ද? බෑ. පක්ෂ ගණනාවක් තියෙනවා. ඒ අයත් එක්ක කතා කරලා ශක්තිමත් සන්ධානයක් හදන්න ඕන. ඒ අයගේ ඉල්ලීම් මොනවද කියල බලන්න ඕන. පසුගිය අවුරුදු හතර තුළ අපි ක්‍රියා කළ ආකාරය ගැන විශ්වාසයක් තියෙනවා. විශේෂයෙන් සුළු ජාතීන් තුළ විශාල විශ්වාසයක් තියෙනවා. ඒ විශ්වාසය තහවුරු කරලා සන්ධානයක් අවශ්‍යයි. කවුරු දිනන්න වුණත් සන්ධානය අවශ්‍ය බවත් ඒ සන්ධානය ඉදිරි සති දෙක තුළ හැදෙන බව"

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න