සජිත්ට පක්ෂ ගණන වෙනස් වෙයි : රංගේ - ආශු වෙනම කතාවක !

සජිත්ට පක්ෂ ගණන වෙනස් වෙයි : රංගේ - ආශු වෙනම කතාවක !

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ මන්ත්‍රී කණ්ඩායම එකට රැස්කරන්නැයි ඉල්ලන ලිපියකට අත්සන් ගැනීම සඳහා තමාටත් ආරාධනා ලැබුණු බවත්, කොළ කෑල්ලකට අත්සන් කිරීමට පුත්තලමේ සිට එන්නේ කුමටදැයි තමා විමසූ බවත් පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගෙ බණ්ඩාර අද (21) මාධ්‍ය හමුවකදී පැවැසීය.

එවැනි ඉල්ලීමක් සඳහා අත්සන් කරන සංඛ්‍යාව වැදගත් නැති බව කී රංගෙ බණ්ඩාර මහතා එක් මන්ත්‍රීවරයෙක් අත්සන් කර හෝ නොකර ඉල්ලීමක් ඉදිරිපත් කළත්, පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අවශ්‍ය පියවර ගනු ඇති බවද සඳන් කළේය.

ඒ අනුව සුදුසු පරිදි මන්ත්‍රී කණ්ඩායම සහ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය එකවර රැස්කිරීමට අගමැතිවරයා කටයුතු කරනු ඇති බවද පාර්ලිමේන්තු මන්ත්‍රී රංගෙ බණ්ඩාර කීය.

මෙම මාධ්‍ය හමුව අද අරලියගහ මන්දිරයේ පැවැත්විණ .

මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ පැවැසුවේ අදාළ ලිපියට තමා අත්සන් කළ අතර, එලෙස අත්සන් කළේ පක්ෂයේ අවශ්‍යතාවය මත බවයි.

ඇතැම් මාධ්‍ය මේ ලිපිය වෙනත් අවශ්‍යතාවයක් සඳහා උලුප්පා දක්වන්නට උත්සාහ කරමින් සිටින බව කී මන්ත්‍රීවරය එවැනි දෑ කළහොත් තම අත්සන ඕනෑම මොහොතක ඉල්ලා අස්කර ගැනීමට කටයුතු කරන බවද පැවැසීය.

තමාගේ නායකයා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වන හෙයින් සෑමවිටම පක්ෂ විනයට යටත්ව කටයුතු කරන බවත්, අවශ්‍ය වෙලාවේදී අවශ්‍ය තීරණ ගැනීමට පක්ෂ නායකත්වය ස්වාධීන අයිතිය දී තිබෙන බවත් ආශු මාරසිංහ මන්ත්‍රීවරයා කීය.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න