ගෝඨාභය රාජපක්ෂ මැතිවරණ ප්‍රචාරක වැඩසටහන් සඳහා විවිධ අවස්ථාවන්ට සහභාගිවීමේදී ඔහුගෙන් ප්‍රශ්න අසන්නට මාධ්‍යයට ඉඩ ලබා නොදෙන බව වාර්තා වේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වය ලැබීමෙන් පසුව ගෝඨාභය රාජපක්ෂ මහනුවර ප්‍රදේශයේ කළ සංචාරයයේදී ඔහුගේ මාධ්‍ය කටයුතු මෙහෙය වන කණ්ඩායම ඔහුගෙන් ප්‍රශ්න ඇසීමට ඉඩ නොදෙන බව මාධ්‍යවෙදීන්ට දැනුම් දී ඇත.
යම් සංචාරක අවස්ථාවකදී ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශයක් කරන්නේ නම් එය පමණක් වාර්තා කිරීමට හැකි බව ඒ අනුව මාධ්‍යවේදීන්ට දැනුම් දී ඇත.
වතු කම්කරු ජනතාවගේ ජීවන තත්වය ඉහළ නංවන බවට අගෝස්තු 14 දින මහනුවර සෙල්ව විනයාගර් කෝවිලට පැමිණීමෙන් පසු ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කර ඇත්තේ ස්වේච්ඡා ප්‍රකාශයක් වශයෙන් වන අතර ඒ අතර එය මාධ්‍ය වාර්තා කර ඇත.
(අනිද්දා )
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
