ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයෙකු ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ලෙස නාමයෝජනා ඉදිරිපත් කළහොත් ඕනෑම පුරවැසියෙකුට ඒ සඳහා විරෝධතා ඉදිරිපත් කළ හැකි බව පැෆරල් සංවිධානය සඳහන් කරයි.
නාම යෝජනා භාර ගැනීමෙන් පසු විරෝධතා දැක්වීමට කාලයක් ලබාදෙන බවත් එම කාලය තුළදී විරෝධතා දැක්විය හැකි බවත් එසේ නොමැති වුවහොත් පසුව අධිකරණයට යාමටත් හැකියාව තිබෙන බවද අද (14 ) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේය.
19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව අපේක්ෂක අයදුම්පත ඉදිරිපත් කිරීමේදී සත්‍ය තොරතුරුම ලබාදීම අපේක්ෂකයාගේ වගකීමක් බවද ඔහු පැවසීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
