2020 වසර සඳහා අයවැය ලේඛනයක් ඉදිරිපත් නොකර මුල් මාස කිහිපයේ රජයේ වියදම් පියවා ගැනීම සඳහා පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය තීරණය කර තිබේ.
ඒ සඳහා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශයට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
මේ වසර අගදී ජනාධිපතිවරණයත් ලබන වසර මුලදී තවත් මැතිවරණ කිහිපයක් පැවැත්වීමට නියමිතව තිබීමත් සැලකිල්ලට ගනිමින් මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
ඒ අනුව මෙම පරිපූරක ඇස්තමේන්තුව ලබන නොවැම්බර් මස මැදදී පමණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර, එම අතුරු සම්මත ගිණුමට පාර්ලිමේන්තුවේ අනුමැතියද ලබා ගත යුතු වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
