මෛත්‍රීගේ හැසිරීම රඟපෑමක්ද? - 'ඡන්දෙන් පස්සේ ප්‍රේමවන්තයින් වෙනවා' (වීඩියෝ)

මෛත්‍රීගේ හැසිරීම රඟපෑමක්ද? - 'ඡන්දෙන් පස්සේ ප්‍රේමවන්තයින් වෙනවා' (වීඩියෝ)

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් මැතිවරණ වේදිකාවේ විරසකයක් පෙන්නුම් කළද පෙබරවාරි 10 වෙනිදායින් පසුව ජනාධිපතිවරයා හා අගමැතිවරයා සුපුරුදු ආදරවන්තයින් ලෙස කටයුතු කරන බව උසස් අධ්‍යපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

මහනුවර ප්‍රදේශයේ දී මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කර තිබේ.

එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර මතවාදී ගැටුම් පවතින්නේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම තෙක් පමණක් බවද ඒ මහතා කියා සිටියේය.

එමෙන්ම මැතිවරණ කාලයේදී මෙවැනි දෑ බලාපොරොත්තු විය යුතු බවත් එකිනෙකාට බැන ගැනීම මැතිවරණ කාලයේ සාමාන්‍ය දේවල් බවත් කියා සිටින ඒ මහතා වැඩිදුරටත් පවසන්නේ වත්මන් ආණ්ඩුව 2020 තෙක් පවතින බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න