මැතිවරණය කල්යන කතා බොරු - පෙබරවාරි 08 පාර්ලිමේන්තුව කැඳවීම වළක්වන මෙහෙයුමක්

මැතිවරණය කල්යන කතා බොරු - පෙබරවාරි 08 පාර්ලිමේන්තුව කැඳවීම වළක්වන මෙහෙයුමක්

බැඳුම්කර වාර්තාව සහ බරපතල දුෂණ වංචා විමර්ශන ජනාධිපති කොමිසමේ වාර්තා පිළිබඳ පාර්ලිමේන්තු විවාදය පෙබරවාරි 8 පැවැත්වීමට සුදානම් බවට අග්‍රාමාත්‍යවරයා සඳහන් කිරීමත් සමඟ එය කඩාකප්පල් කිරීමේ මෙහෙයුමක් දියත්ව ඇති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

එම ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට අග්‍රාමාත්‍යවරයා විසින් දැනුම්දී ඇති ආකාරයට එළඹෙන පෙබරවාරි 08 වනදා පාර්ලිමේන්තුව කැඳවුවහොත් පළාත් පාලන මැතිවරණය දින දෙකකින් පමණ ඉදිරියට ගැනීමට සිදුවනු ඇතැයි මැතිවරණ කොමිසම සඳහන් කරන බවට පුවතක් පළකර ඇත්තේ එහි එක් අදියරක් වශයෙන්ය.

මැතිවරණය පෙබරවාරි 12 ?

මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් සඳහන් කර ඇති බව සඳහන් කරමින් එම පුවත පළකර තිබූ අතර එහි වැඩිදුරටත් සඳහන් වුයේ පෙබරවාරි 12 වනදා හෝ ඊට පසු දිනයක මැතිවරණය පැවැත්වීම කෙරෙහි කොමිසමේ අවධානය යොමුව ඇති බවය.

මෙසේ මැතිවරණය කල් දැමීමට හේතුව ලෙස එම පුවතේ සඳහන් වූයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු තහනම් කාල සීමාවේ පාර්ලිමේන්තුව කැඳවීමය.

පාර්ලිමේන්තුව කැඳවීම මැතිවරණයට බාධාවක් නොවේ - මහින්ද දේශප්‍රිය

කෙසේ නමුත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කර සිටින්නේ පාර්ලිමේන්තුව පෙබරවාරි 08 වනදා කැඳවීම තම කොමිසමේ වැඩ රාජකාරී සඳහා ගැටළුවක් නොවන බවය. එසේම පෙබරවාරි 8 වන විට අවසන් වන්නේ මැතිවරණ ප්‍රචාරක කටයුතු පමණක් බවත් පාර්ලිමේන්තුව කැඳවීම හෝ කැඳනොවීම මැතිවරණයට බලපාන කාරණයක් නොවන බවද සභාපතිවරයා සඳහන් කර ඇත.

අද(28) පස්වරුවේ මැතිවරණ මහලේකම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මේ බව සඳහන් කර ඇත.

එමෙන්ම ඡන්දය පෙබරවාරි 10 දින අනිවාර්යෙන්ම පවත්වන බවත්, ආපදා තත්ත්වයකදී පමණක් එය කල් යා හැකි බවත් මැතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් සමාජ ජාල මාධ්‍ය ඔස්සේ යන ප්‍රචාරයන්හි කිසිඳු සත්‍යතාවයක් නොමැති බවද සභාපතිවරයා එහිදී සඳහන් කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න